අවුරුදු 07ක් තිස්සේ වි තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි

For 07 years, a stock has been rotting in a warehouse in Aralagangwila

2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් මේ වනවිට අවුරුදු 017ක් තිස්සේ අරලගංවිල ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය අනාවරණය කරයි.

මෙම ගබඩාව 2015 වසරේදී විවෘත කරමින් මහවැලි බී කලාපයට අයත් අරලගංවිල, විජයපුර සහ පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවලින් මිලදි ගත් වී තොග මේ වනවිට එම ගබඩාවේ විනාශ වෙමින් පවතින බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ පවසයි.

මෙම වී ගබඩාව මගින් වී මිලදී ගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත් අලුත් ඉදි කළ ඒ අසන්නයේ ඇති තවත් ගබඩාවක් මෙතෙක් විවෘත කර නොමැති බවත් ගොවීන් චෝදනා කරති.

ඇතැම් වී තොග දිරාපත්ව ඇති අතර වහළ කැඩී යාම නිසා ජලය මුසු වූ වී තොග පැලවී ඇතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම වී ගබඩාවට වල් අලින් හානිකර ඇති අතර ඇතැම් පුද්ගලයන් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බවද ගොවීහු චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *