අහනාෆ් ජසීම්ට එරෙහිව සාක්කි නැහැ -නීතිපති ස්ථාවරය කියන්න නඩුව කල් තබයි

ත්‍රස්ත විමර්ශන ඒකකය ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අහනාෆ් ජසීම්ට එරෙහිව ගොනු කරන ලද අධි චෝදනා මෙතෙක් විභාග කරන ලද සාක්කි වලින් සනාත වි නෙමැති නිසා ජසීම්ට විරුද්ධව තවදුරටත් සාක්කි කැදවිමක් අවශ්‍ය ද? නැතිනම් එම නඩුව ඔහුට එරෙහිව ඉදිරියට පවත්වා‌ගෙන යනවාද නැද්ද යන්න පිළිබදව නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සදහා නොවැම්බර් 27 දක්වා නඩුව කල් තබන්නැයි අද (08) එම නඩුව කැදවු අවස්ථාවේ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ නියෝග කළේය .

මහාධිකරණ විනිසුරු අපර්ණා සුවදුරුගොඩ එසේ නියෝග ක නඩුවළේ නීතිපති දෙපාර්මේන්තුවේ ජෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක කළ ඉල්ලීම සලකා බලමින්ය .

ජසිම් ඉගැන්නු පාසලේ සිසුන් දෙදනෙකු අද (08) මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ සාක්කි දීම සදහා කැදවා තිබු අතර ඔවුන් සාක්කි දෙමින් කියා සිටියේ තම ගුරුවරයා අන්තවාදයට නැඔුරු වන ඉගැන්විම් වල නොයෙදුනු බවයි . මිට පෙර සිසුන් දෙදනෙකු තම ගුරුවරයා පාඩම් පොත් වල කරුණූ හැරෙන්න, අන්තවාදී ඉගැන්විම් නොකළ බව සාක්කි දෙමින් පවසා ඇත.

ජසීම් කිසිදු ආකාරයක අන්තවාදී ඉගැන්විම් වල යෙදුනු බවට තහවුරු වි නැතැයි ඔහු ඉගැන්නු පෞද්ගලික පාසලේ විදුහල්පතිවරයා අද (08) අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවැසීය .

ත්‍රස්ත විමර්ශන ඒකකය ජසීම් එරෙහිව සිසුන් හතර දෙනාගෙන් සහ විදුහල්පතිවරයාගෙන් ලබා ගෙන තිබු කටඋත්තර වලට සම්පුර්ණයෙන් පටහැනිව ඔහු අන්තවාදයට යොමු කරන, දේශන පවත්වන කිසිදු ආකාරයේ කටයුත්තක් කර නැතැයි ඔවුන් දුන් සාක්කි වලින් තහවුරු වි ඇත.

මෛත්‍රීපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු මහජනයාට එරෙහිව ගෙන යන වර්ගවාදී ප්‍රහාරයේ ජසීම් කවියා තවත් එක් වින්දිතයෙකු පමණි.

අන්තවාදය පැතිරුවා කියන ඔහුගේ කවි පොත අධි චෝදනා පත්‍්‍රයට දමා නැත.

ත්‍රස්ත විමර්ශන ඒකකය ජසීම්ට එරෙහිව අභුත චෝදනා එල්ල කරමින් , අත්තනොමතිකව අත්අඩංගුවට ගෙන , ශාරීරික හා මානසික වධබන්ධනයනට ලක්කර , ඔහු බැලීමට නීතිඥයන්ට පවා ඉඩ නොදී , මාස 19 ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබිමෙන් ඔහුගේ මුලික මානව අයිතීන් උල්ලංඝණය කර කිබේ .

ප්‍රජාතන්ත්‍ර විරෝධිව ලෙස රැදවුම් බාරයේ සහ රිමාන්ඩ් බාරයේ තබාගෙන ඔහුගේ ජිවිතයට බරපතළ අපරාධයක් කළ ආණ්ඩුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊට වගකිව යුත්තෝ වෙති . ජසිම වගේම තවත් සීය ගණනක් අයුක්ති සහගත ආකාරයට අත්අඩංගුවට ගෙන නඩු පටවා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

ජසීම්ට එරෙහිව බොරු චෝදනා ගොනුකර පවරා ඇති නඩුව ජාතික මෙන්ම ජාත්‍යන්තර අවධානය යොමු නඩුවකි .

කලාවේ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ කම්ටුව ජසීම්ගේ කවියෙකු ලෙසත් ගුරුවරයෙකු ලෙසත් ඔහුගේ අයිතීන් ආරක්ෂා කර දීම සදහා දැවැන්ත අරගලයක් ආරම්භ කළ අතර ඊට විශාල සහයෝගයක් ජාතිකව සහ ජාත්‍යන්තරව වශයෙන් ලබා ගැනීමට හැකි වුණි .

ජසීම් වෙනුවෙන් නීතිඥ රෂ්ඩි හබ්බි , නීතිඥ සංජය විල්සන් ජයසේකර සහ නීතිඥ රාෂික් පෙනි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *