අ.ප.දෙ. මාධ්‍යවේදී තරිදු උඩුවගෙදරගෙන් කටඋත්තරයක් ලබාගෙන මුදා හරි

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ කැදවීමටකට අනුව ඊයේ (04) එම දෙපාර්මේන්තුවට ගිය මාධ්‍යවේදී තරිදු උඩුවගෙදරගෙන් පැය තුනකට ආසන්න කාලයක් කටඋත්තරයක් සටහන් කරගෙන පසුව මුදා හැර ඇත.

ප්‍රහසන ශිල්පිනී ජයනි නටාෂා එදිරිසුරියව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිර‍ිම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා යැයි මාධ්‍යවේදී උඩුවගෙදර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවීමට හේතු වී ඇත.

නතාෂා එදිරිසුරිය “මෝඩාභිමානී” නමින් Standup Comedy වැඩ සටහනක් මගින් බුදුන්ට සහ බෞද්ධ බාලිකා විද්‍යාල වලට අපහාස කළා යැයි ඇයව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවටගෙන පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව නතාෂාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ කෙටුව අධිකරණයේ නඩු පවරා තිබේ .

“අපි උසාවියට අපහාස කළේ නැහැ . නතාෂාව අත්අඩංගවට අරගෙන රමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අපේ විවේචනය මාධ්‍ය හමුවක් තියලා කිවිවා . මම වැඩ කරන්නේ මිනිස් සාමුහිකයක් සමග . මාව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවුවා කියන ආරංචිය සමග විශාල පිරිසක් ඇවිල්ලා හිටියා . ඒ හැමෝටම මම ස්තුති කරනවා .මම හැම වෙලාවේම හිට ගන්නේ මිනිස්සු සමග . ඒ නිසා මම තනි වෙන්නේ නැහැ යැයි” උඩුවගෙදර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ඇතුළට යන්නට පෙර මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *