ආගම්වාදය අවුලනවා යැයි දෙරණට සහ හිරුට එරෙහිව CID ට පැමිණිල්ලක්

ප්‍රහසන ශීල්පි ජයනි නතාෂා එදිරිසුරිය සිද්ධියට අනවශ්‍ය ලෙස ප්‍රචාරය දෙමින් ආගම්වාදයක් ඇති කිරීමට දෙරණ සහ හිරු නාලිකා දෙකත් දසත සහ මාධ්‍යවේදියා යන සමාජ මාධ්‍ය මගින් කටයුතු කලා යැයි මහාචාර්ය රොහාන් සමරජිව ,චින්තක ධර්මදාස සහ ජයනි ජයසේකර යන අය විසින් අද (13) දහවල් කොටුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල්ලක් කළහ .

දෙරණ , හිරු ,දසත සහ මාධ්‍යවේදියා යන විද්‍යුත් සහ සමාජ මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස නතාෂාගේ ප්‍රශ්ණ ඉස්මත්තට ගෙන ජනතාව තුළ ආගම්වාදී ඝට්ටනයක් ඇති කරන්නට උත්සහ කරන බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල්ලක් කළ බව මහාචාර්ය සමරජීව පැවැසීය .

අපි දරණට ,හිරුට ,දසතට සහ මාධ්‍යවෙිදියාට එරෙහිව පැමිණිල්ලක් දැම්මේ ආගම්වාදය ඇවස්සීමට එරෙහිව . එක අනිවාර්යෙන් කළ යූතුයි . ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීම සදහා ගෙන එන මාධ්‍ය නියාමන පනත සහ අපේ පැමිනිල්ල අතර සම්බන්ධයක් නැතැයි , ඔබලා දෙරණ .හිරුට ,දසත සහ මාධ්‍යවේදීයාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිලි දැමීමෙන් සිදු කරන්නේ ආණ්ඩුව ගෙන යන මාධ්‍ය නියාමනයට රුකුල්දීමක් නෙවේදැයි ලංකා ස්කයි මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චින්තන ධර්මදාස එසේ පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *