ආගමික හෝ ආගමික වෛරය ඇති කරන කිසිවක් සිදු කර නැතැයි මහාධිකරණය නතාෂාට ඇප නියම කරයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රහසන ශිල්පිනී ජයනි නතාෂා එදිරිසුරියව ඇප මත මුදා හරින්නැයි කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍යා පටබැදි කොටුව මහේස්ත්‍රාත් තිලණ ගමගේට අද (05) නියෝග කළේය .

නතාෂා එදිරිසුරියව ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලද්දේ ,කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යා පටබැදි හමුවේ ඇප ඉල්ලීමේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය සලකා බැලු අවස්ථාවේදීය .

ආගමික සමගිය නැති කිරීමට කටයුතු කළා යන චෝදනා යටතේ ,අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් නතාෂා එදිරිසුරියව මැයි (28) මධ්‍යම රත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ,එදිනම කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජුනි (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී . ඇයට එරෙහිව නඩුව පවරා ඇත්තේ , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේය .

නතාෂා එදිරිසුරියව අත්අඩංගුවට ගන්නා ලද්ද‌ේ , බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු බෞද්ධ අන්තවාදී පිරිසකගේ පැමිණිල්ලකට අනුවය .

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත 3 (01) යටතේ ආගමික හෝ ආගමික වෛරය සදහා පෙලඹවීමක් සිදු කරන ප්‍රකාශයක් නතාෂා එදිරිසුරිය විසින් සිදු කර නැති නිසා සහ ඇය සමාව අය ද සිටින නිසා මහාධිකරණ විනිසුරුවරයා නතාෂාට ඇප නියම කරන බව පැවසීය .

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර පනත හදුන්වා දෙමින් , එවක අමාත්‍ය රෝහිත බෝගෝල්ලාගම පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් උපුටා දැක් වු මහාධිකරණ විනිසුරුවරයා එම පනත ගෙන එමේ අරමුණි බැහැරව ක්‍රියාත්මක වන බව ද පෙන්වා දුන්නේය .

නතාෂා එදිරිසුරිය එරෙහිව කෙටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ තවත් නඩු දෙකාක් විභාග වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *