ආණ්ඩුවට එරේහිව පෙරමුණක් ගොඩ නැගෙයි

රාජ්‍ය මර්දනයට එරේහිව විරෝධතාවය නමින් දේශපාලන පක්ෂ , වෟත්තීය සමිති , බහුජන සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන අද (25) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී එකාබද්ධතා ලියවිල්ලකට අස්සන් තබන ලදී .

මෙම ලියවිල්ල අස්සන් කරන ලද්දේ , නොවැම්බර් 02 වැනිද්‍ර පැවැත්විමට නියමිත විරෝධතා පා ගමන සහ රැලිය සාර්ථක කර ගැනීමටත් ආණ්ඩුවට එරේහිව ඉදිරියේ දී පැවැත් වෙන සියලු විරෝධතා මේ නමින් කිරිමේ අරමුණින්ය .

එකාබද්ධ ලියවිල්ලට සමගි ජන බලවෙිගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ‌පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඇතුළු වෟත්තිය සමීති හා බහුජන නායකින් අස්සන් කළහ.

ජනතා විමුක්ති පෙපුණ , දෙමළ ජාතික සන්ධානය සහ ජාතික සභාවව ද මෙම අවස්ථාවට අරාධනා කර තිබුන ද එම පක්ෂ වල සහ සභාව නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටියේ නැත.

මර්දනයට එරේහිව දේශපාලන පක්ෂ , වෟත්තිය සමිති සහ සිවිල් සංවිධාන ඒකාාබද්ව ඉල්ලීම් 07 ඉදිරිපත් කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *