ආණ්ඩුවට බදු පනත වහා ඉවත් කර ගන්නැයි බල කර කම්කරුවෝ වීදි බසිති

ඉසිිිිලිය නොහැකි බදු බර පටවන බදු පනත වහා අහෝසී කරන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර වාරාය , ඛනිජ තෙල් ,රක්ෂණ සහ බැංකු වල සේවය කරන කම්කරුවෝ අද (08) කොටුව දුම්රිය පොල ඉදිරිපිට මහා මාර්ගය හරස් කරමින් විරෝධතා උද්ඝෝෂණයක නිරත වුහ .

පොලිසියට කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂණය නිසා මාර්ගය වසා දමන්නට සිදු විය .

මෙම විරෝධතා උද්ඝෝෂණයට දහක පමන කම්කරුවන් පිරිසක් සහභාගි වි සිටි අතර එම පිරිස ආණ්ඩුවට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වලට අයත් කම්කරුවෝ වෙති .

කම්කරුවන් සටන් පාඨ කියමින් සහ සටන්ව පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ .කම්කරුවනි ,

සමාජවාදී සමානතා පක්ෂය ආණ්ඩුවේ කප්පාදු වැඩපිළිවෙලට එරෙහිව අරගලය කළ හැක්කේ කෙසේද ? යන මාතෘකාව යටතේ බෙදා හල අත්පත්‍රිකා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙකු විසින් උදුරා ගැනීම උත්සහ කළ අවස්ථාවේ එම සහෝදරවරුන් ඊට විරෝධය පල කර , ජ.වි.පෙ . අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට භය කම්කරු විරෝධී පක්ෂයක් යැයි කම්කරුවන් අතර උද්ඝෝෂණය තළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *