ආණ්ඩුවේ මිලේච්ජත්වයට එරෙහි නීතිඥ නුවන් බෝපගේ ජිනිවා යයි

Lawyer Nuwan Bopage off to Geneva to brief UNHRC

ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ අද (10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය.

සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් සඳහන් කරයි.

එම සැසියේ දි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇත.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *