ආණ්ඩුවේ ෆැෂිස්ට් නඩ ලංකා ගුරු සංගම් කාර්යාලය වටලයි

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශ්ප් ස්ටාලින්ට එරෙහිව කොටුව චිත්තම්පලම් ගාඩන්ස් හි පිහිටි එම කාර්යාලය ඉදිරිපිට අද (25) උදෙු් විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

ස්ටාලින්ගේ උවමනාවට දරුවන් බිලි දෙන්න සුදානම් ද? ගුරුවරුනි – දෙමව්පියනි ස්ටාලින්ගේ උගුලට හසු ‌නොවෙනූ ! ස්ටාලින් රටෙි අනාගතයට දෝහිකම් නොකරනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ ස්ටාලින්ගේ පඹයෙකුට පොල්ලකින් ගසමින් උද්ඝෝෂණයේ නිරත වුහ .

මුලින්ම මහජන බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වු විරෝධතාකරුවන් පසුව ලංකා ගුරු සංගමය කාර්යාලය ඉදිරිපිට ගොස් ඇත. විරෝධතාකරුවන් අනතුරුව ගුරු සංගම් කාර්යාලයේ ගේට්ටුව කඩාගෙන යෑමට උත්සහ කරද්දි පොලිසිය ඊට මැදිහත් වි තිබේ .

ජනාධපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ෆැෂිස්ට් නඩ යොදාගෙන ලංකා ගුරු සංගම් කාර්යාලය වැටලීම ,අරගලයේ කම්කරු -පිඩිත ජනයාට සිදු කරන බරපළ අනතුරු ඇගව්මකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *