ආණ්ඩුව ඡන්දය කල් දැමිමේ අන්තිම තුරුම්පුවත් අදී

දෙනව වරටත් දින ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන ආයතන ඡන්දවිමසීම් නොපැවැත්විම සදහා ආණ්ඩුව තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම සදහා , පළාත් පාලන පනතට සංශෝධනයක් ගෙන එමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ .

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත මේ වනවිට ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීති උපදේශකයින් සකස් කරමින් පවතින බව ද වාර්තා වේ . ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස හිටපු නීති කෙටුම්පත් සම්පාදක දීපානි කුමාරජීව කටයුතු කරන අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීති කටයුතු ලෙස හිටපු සොලිස්ටර් ජනරාල්වරයෙකු වු බිම්බා තිලකරත්න කටයුතු කරයි.

වත්මන් පළාත් පාලන ආයතන සභිකයින්ගේ කාලය මාර්තු 19 වැනිදායින් අවසන් වනඑම දිනය දක්වා ඔවුන්ගේ කාලය දික්කර ලැබුයේ පළාත් පාලන විෂයභාර ඇමතිවරයාට ලැබී ඇති බලතල ප්‍රාතාරව සභිකයින්ගේ ධුර කාලය මීට පෙර වසරක කාලයකින් දීර්ඝ කළ නිසාය .

මේ වන විට වැඩිම පළාත් පාලන ආයතනය සංඛ්‍යාවක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දරණ අතර එක්සත් ජාතික පක්ෂයට දපළාත් පාලන ආයතන කිහිපයක බලය මෙන්ම සැලකිය යුතු සභික පිරිසක් ද සිටිති .එම බලය තවදුරටත් ඉදිරියට ගෙනයෑම ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ අදහස වී තිබෙන අතර පළාත් පාලන ආයතන වල කාලය තවදුරටත් දීර්ඝ කරන්නේ ඒ සදහාය .

මේ වවවිටත් එක්සත් ජාතික පක්ෂය කියා ඇත්තේ ජාතික සමගි පෙරමුණේ නාම යෝජනා බලාදී ඇති එම පක්ෂයේ පළාත් පාලන සභිකයින්ගේ ධුර අහෝසී කරන බව හා ඒවෙනුවට වෙනත් අය පත්කරන බවය .මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ ඒද පක්ෂයසමගමේ වන විට කටයුතු නොකරන සභිකයින් ඉවක්කර එම පක්ෂ සමග තවදුරටත් සිටිනපළාත් පාලන ලැයිස්තුවල සිටින පිරිස් සභිකයින් ලෙස පත් කිරීමටය .

මෙවැනි සංශෝධන පනතක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරය පමනක් සැහෙන අතර එය අධීකරණයහමුවේ දඅභියෝගයට ලක්කළ හැකිය .

ඉදුවර බණ්ඩාර -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *