ආණ්ඩුව දුප්පතුන් ගේ මුලික ප්‍රශ්න නොවිසිදුව හොත් භායනක රැල්ලක් අත ලඟ – මහා බැංකු අධිපති

If the government does not address the basic problems of the poor, a wave of panic is at hand - Governor of the Maha Bank

දුප්පත් අඩු ආදායම් ලාභී ජනතාවට ජීවත් වෙන්න බැරුව පාරට බැස්සොත් ඒක නතර කරන්න කාටවත් බැරි බවත් ඒක නතර වෙන්නෙ, ලේ වැගිරීමකින් බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

තවම ඒ වැනි රැල්ලක් රටේ ඇතිවෙලා නැතැයි කී මහා බැංකු අධිපති වීරසිංහ ඒ වැනි තත්වයක් ඇති විම වැළැක්විම අපේ වගකිමක් බවත් පැවැසීය .

මේ වගේ දරුණු ආර්ථික අවස්ථාවකදි අපි මුලින්ම ආරක්ෂා කළ යුත්තේ පහළ අඩු ආදායම්ලාභි පිරිස් බවත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි වුනාම මිනිස්සු ඕනම දෙයක් කරන බව බැංකු අධිපතිවරයා පෙන්වාදුන්නේය.

උද්දමනය පාලනය කරන්න අවශ්‍ය බවත්, ඒවගේම උද්දමනයට සරිලන ආකාරයෙන් ආදායම් ලබාගැනීමට හැකි ක්‍රම සකස් කළ යුතු වන අතර ඒක අභියෝගයක් බවත් පැවැසීය .

අරගලය කියල ආවෙ , මැද පන්තියෙ ආකල්පමය වෙනස්කම්වල තත්ත්වයක්.

ඔවුන්ට ජීවත්වීමේ බරපතල ගැටලු තිබුණෙ නැහැ.

රාජ්‍ය ගැටලු තමයි එතනදි බලපෑවේ යැයි ඔහු වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *