ආණ්ඩුව බිලියන 200ක් මහ භාණ්ඩාගාරයට ණයයි

ආණ්ඩුවඩුවනට පියවා නැති බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක් (බියන දෙසීයක් ) බව මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ .එම් . මහින්ද සිරිවර්ධන පවසයි .

විශේෂයෙන් ඉදිකිරීම් සහ වෙනත් ආයතන වලට ‌ගෙවිය යුතු බිල්පත් ඒ අතර වන බව පැවැසු ලේකම්වරයා ආණ්ඩුව පවතිනේනේ බිල්පත් ගෙවිය නොහැකි මට්ටමක බව ද සදහන් කළේය .

රජය උපයන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අවශ්‍යතා කටයුතු සදහා ප්‍රමාණවත් ‌නොව බව සිරිවර්ධන පෙන්වාදුන්නේය .

සිරිවර්ධන එසේ පැවැසුවේ මුදල් අමාත්‍යංශයේ ඊයේ (15) පැවැති සම්මන්ත්‍රණයේදීිය .

රජයේ ආදායම් උත්පාදනය නව මුල්‍ය සහ බදු ප්‍රතිපත්ති හදුන්වා දුන්නේ මෙම තත්වය සැලකිල්ලට ගෙන යැයි පැවසු ලේකම්වරයා කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහල නංවා ගැනීමට දුෂ්කර බවත් පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *