ආණ්ඩු මාධ්‍ය මර්දනයට ලෑස්ති වුනහොත් අපි ජාත්‍යන්තරයට යනවා – ශ්‍රී ල .වෘ .ජ .ස . සභාපති

රනිල් -රාජපක්ෂ ආණ්ඩුව නීති අණ පනත් ගෙනැල්ලා මාධ්‍ය මර්දනය කරන්න නම් ලැස්ති වෙන්නේ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් සමාජිකයෙක් වන අපි මෙම ප්‍රශ්නයට ජාත්‍යන්තරයට ගෙන යන බව ශ්‍රී ලංතා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් පවසයි .

සම්පත් එසේ පැවැසුවේ ඹාධ්‍ය නිදහසට අත නොතබනු යන මැයෙන් පංචිගහවත්ත ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධවේදීන්ගේ සංගම් කාර්යාලයේ අද (20) සවස පැවති ප්‍රවෘත්ති සාකචිජාවේදීය . එම මාධ්‍ය හමුව පැවැත් වුයේ සියත රූපවාහිනි ටෙලි වැකියේ සංස්කාර ලාල් හේමන්ත මාවලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කැඩුවා යැයි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හෙට (21) රැස් වී ඔහුට එරෙහිව ගන්නට යන ක්‍රියා මාර්ගයට එරෙහිවය .

ජනතාවගේ බදු මුදල් වලින් ජිවත් වන පිරිසක් පාර්ලිමේනතු වර ප්‍රසාද වලට මුවාවෙලා ජනතාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට විලංගු දැමීමට උත්සහ කරන බව සම්පත් පැවැසීය .

මෙම මාධ්‍ය සාකච්ජාව සදහා ප්‍රජාත්‍රාන්තවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරයේය කැදවුම්කරු චන්දන සිරිමල් වත්ත . මුස්ලිම් ජනමාධ්‍ය සංවිධානයේ උප ‌ලේකම් ජවෙඩ් මුනව්වර් .තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සභාපති තර්දු ජයවර්ධන ,සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සභාපති ලෂ්මන් ගුණසේකර සහ ශ්‍රී ලංකා වාත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කම්ටු සමාජික ලසන්ත රුහුණගේ යන අය මාධ්‍ය සාකච්ජාවට සහභාගිවෙමින් අදහස් දැක්වුුහ .

ශ්‍රී ලංකා වාත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවැසීය .

පාර්ලිමේන්තුවට යන අය පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන්ගේ හොරකම් ,දුෂණ වංචා සහ අක්‍රමිකතා ‌හෙළිවන එක වළක්වා ගන්න පාර්ලිමේන්තු වරල්‍රසාද වලට මුවාවේ වෙන්නයි මේ හදන්නේ . ලෝකයේ කොහෙවත් මේ වගේ මාධ්‍ය මර්දනයක් සිද්ධ වෙන්නේ නැහැ . නීති සහ අණ පනත් මගින් .මාධයවේදීන් අත්අඩංගුවට ගන්න , සිරඅඩස්සියට පත් කරන දරුණු තත්ත්වයකට ගමන් කරන්න පුළුවන් මාධ්‍ය සංවිධාන වගකිමක් තමයි ඒ වැනි අවස්ථාවල දි පළමු මොහොතේ දි මැදිහත් විය යුතුයි . ජනතා බදු මුදල් වලින් යැපෙන පිරිසක් කොහාමද ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය විලංගු දැමීමට කටයුතු කරන්නේ කියලා . .මේ ජනමාධ්‍යවේදීන්ට පමනක් නොව සිවිල් සමාජයට සහ සමාන්‍ය ජනයාට ද මේ තත්ත්වයට බලපානවා , අපි සියලු දෙනාට එකට එකතුවෙලා එම තත්ත්වයට මුහුණ දෙන්න ‌වෙනවා . ලංකාවේ අපිට බැරි නම් මේ නීති අණ පනත් ගෙන එම වළක්වන්න අපි ලැස්තියි ජත්‍යන්තර ජන මාධ්‍ය සංවිධානානයක සමාජිකයෙක් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනි යන්න .එහෙම තැනකට අපි පත් කරන්න එපා කියලා ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා . අපි එහෙම තැනකට ගියහොත් අපහසුතාවයට පත් වෙන්නේ ආණ්ඩුවමයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *