ඇදිරි නීතිය පැය කීපයක් ලිහිල් කර , අද පස්වරුවේ සිට යළි බලාත්මක කෙරේ.

රටපුරා පැනවු ඇදිරි නීතිය අද (14) පෙරවරු 06 ට තාවකාලිකව ලිහිල් කර , අද පස්වරු 06 යළි ඇදිරි නීතිය පණවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ .

පසුගිය දින රටේ ඇති වු හදිසි තත්වයන් පාලනය කිරීම ට ජනාධිපතිවරයා විසින් ඇදිරි නීතිය පණවන ලදී.

බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ ,මිස පොදු මාර්ගයක දුම්රිය මාර්ගයක .පොදු උද්‍යානයක ,පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භුමියක හෝ එම ප්‍රදේශ වල මුහුදු වෙරළේ හෝ රැදි සිටිමට කිසිවෙකුට නීතියෙන් අවසර නැත .

ඇදිරි නීතිය පැය කීපයක් ලිහිල් කර , අද පස්වරුවේ සිට යළි බලාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *