LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ඇප ප්‍රතික්ෂේප කළ අරගලකරුවන් සමාජයට ඉගැන්වු වීරත්වය.

 පසු ගියදා පොලිස් මුලස්ථානය ඉදිරිපිට කලහාකාරී ලෙස හැසිරෙමින් පොදු දේපළ වලට හානි කළා යැයි රිමාන්ඩ බන්ධනාගාරගත කරන ලද අරගලකරුවන් 07 දෙනාගෙන් 04 දෙනෙකුට ඊයේ (24) කොටුව මහෙස්ත්රාත් තිලිණ ගමගේ විසින් ඇප නියම කළ ද ඔවුන් ඇප නොලැබු සහෝදරවරුන් දමා නොයන බවට තිරණය කර ඇත .

මෙසේ ඇප ප්රතික්ෂේප කරමින් බන්ධනාගාය තුල තවදුරටත් රැදි සිටිමට කටයුතු කළේ , ජේහාන් අප්පුහාමි , ජගත් මනුවරණ ,ධම්මික මුණසිංහ සහා එරංග ගුණසේකර අය වෙති . ලහිරු විරසේකර ,රතිදු සේනාරත්න (රැට්ටා) සහා ගලේවල සිරිධම්ම හිමි ඇතුළු අරගලකරුවන්ට වෙනත් නඩු ඇතැයි මහෙස්ත්රාත්වරයා විසින් ඇප ලබා දීම ප්රතික්ෂේප කරන ලදී .

ලහිරුට , රැට්ටාට සහා සිරිධම්ම හිමියන්ට ඇති වෙනත් නඩු වන්නේ මහජනයා ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වෙනු සටන් වදිද්දී පොලිසිය මගින් ඇට වු බොරු නඩු වෙයි. මහේස්ත්රාත්වරයා අරගලකරුවන් හතර දෙනෙකුට ඇප නියම කළේ ,ඇප ඉල්ලා අරගලකරුවන් ගේ නීතිඥවරු විසින් ඊයේ (24) ඉදිරිපත් කළ මෝසම සලකා බලමින්ය. මෙම නඩුව ජුලි 01 වෙනිදා විභාගයට ගනු ලබේ .

2 thoughts on “ඇප ප්‍රතික්ෂේප කළ අරගලකරුවන් සමාජයට ඉගැන්වු වීරත්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *