ඉජිනේරු සංස්ථාවේ සේවකයෝ වැටුප් නොදුන් නිසා සභාපතිව කාමරයක රදවාගෙන

ශ්‍රී ලංකා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික හා විදුලි ඉජිනේරු අංශයේ සේවකියින් සදහා කොටස් වශයෙන් ගෙවන වැටුප නියමිත දිනට ගෙව්වේ නැතැයි එහි සේවකයෝ අද (07) එම සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහනව ග්‍රහනයට ගෙන සංස්ථාවේ කාමරයක රදවාගෙන සිටියහ .

ඉජිනේරු සංස්ථාවේ සේවකයින්ගේ ග්‍රහනයේ සිටි සභාපතිවරයා බේරා ගැනීම සදහා පොලිසීය ද පැමිණ සිටියේය .

මේ මාසයේ වැටුපෙන් සීයට 50% ගෙවා ඇති අතර ඉතිරි 50% මේ මස 10 වෙනි දිනට ගෙවන බවටත් අද දින සිට වැටුප් ගෙවිමේදී සංස්ථාවේ සියලුම සේවකයින්ට හට සමාන අනුපාතයකින් වැටුප් දෙන බව සභාපතිවරයා ලිඛිත ලියුමකින් සේවකයින්ට පොරෝන්දු වී ඇත.

සභාපතිවරයා සේවකයින් හට ලිඛිත පොරෝන්දුවක් ලබා දිමෙන් පසු ඔහු මුදාහැර තිබිණ.

ඉජිනේරු සංස්ථාවේ සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තරමටම සංස්ථාව බංකොගොත් වී ඇති බවත් මේ රට පාලනය කළ සියලුම ආණ්ඩු සහ ඇමතිවරු ඊට වගකිව යුතු බවත් එහි සේවකයෝ අප සමග පැවැසුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *