ඉදිරි අරගලයේ ජයග්‍රහණය උදෙසා කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩනගමු !

Let's build the Colombo Action Committee for the victory of the upcoming struggle!

කප්පාදුවට එරෙහි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ මහජන අරගල උදෙසා කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පැන නැගී පවතින පන්ති අරගලයේ වෛශික, ඓතිහාසික අවශ්‍යතාවයක් බව පවසමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහත පරිදිවේ.

එය විසි එක් වන ශතවර්ෂයේ, පන්ති අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී උපකරණය ලෙස ඉස්මතු වී ඇත.

වර්තමාන අර්බුදය තුල පීඩාවට පත් මධ්‍යම පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතා ජය ගැනීම කම්කරු පන්තිය නිදහස සදහා ගෙන යන අරගලය සමග කෙලින් ම වෙලී පවතී .

කම්කරු පන්තියේ සියලුම වාර්ගික හා අනන්‍යතා බෙදුම්කඩනයන් පරයා ලංකාවේ කම්කරු පිඩිත ජනතාව එක්සත් කිරීම, රට පුරා එහි අරගල සම්බන්ධීකරනය කිරීම සහ සංගතවලට සහ ධනේශ්වර පද්ධතියට එරෙහිව නූතන ලෝක නිර්ධන පන්තියේ දැවැන්ත සමාජ බලය මෙහෙයවීම සඳහා සක්‍රීය ලෙස මැදිහත්වීම එහි ඓතිහාසික කර්තව්‍යය යි.

ධනේශ්වර සමාජයට එරෙහි මහජන අරගලයේ කර්තව්‍යයන්ට අනුරූප වන ස්වාධීන සටන්කාමී සංවිධානයක් ලෙස එය, නිර්ධන පන්තියේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම, කම්කරුවන් ගොවියන් ශිෂ්‍යන් ඇතුලු ධනේශ්වර විරෝධී බලවේග අතර නිදහස් සාකච්ඡාවට අවකාශය සැලසීම, වෘත්තීය සමිතිවල වාරණයෙන් පිටත තොරතුරු බෙදාගැනීම, අරගල සම්බන්ධීකරනය කිරීම සහ කම්කරු පන්තියේ පුළුල්ම කොටස් අතර හා රටපුරා ක්‍රියාකාරී කමිටු ජාලයක පොදු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම යන කටයුුතු සඳහා කොන්දේසි නිර්මානය කළ යුතු ය.

සමාගම් ඉල්ලා සිටින දේ නොව කම්කරුවන්ට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීම සඳහා එය සටන් වදිනු ඇත.

⁣කොක්‍රික විප්ලවවාදී පක්ෂයට ආදේශකයක් නො වේ. එසේ ම, එය හුදු සාම්ප්‍රදායික වෘත්තීය සමිති අරගලවල මෙවලමක් ද නො වේ. කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා, පන්ති අරගලය ඉදිරියට ගෙන යාමට එකට සටන් කිරීමට සූදානම්ව සිටින විවිධ දේශපාලන මත දරන කම්කරුවන් එයට ඇතුලත් කර ගනු ඇත. එහි අරමුන වන්නේ සංගත-රාජ්‍ය-වෘත්තීය සමිති යාන්ත්‍රනයේ පාලනයෙන් බැහැර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කරමින් කම්කරු පන්තියේ දැවැන්ත සමාජ දේශපාලන බලය මුදා හැරීම යි.

මහා පරිමානයෙන් අරගලයට අවතීර්න වන කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී ව සංවිධානය කිරීම සහ දේශපාලනික ව දැනුවත් කිරීම සඳහා තීරනාත්මක වාහකයක් බවට එය පත්විය යුතුය.

නිෂ්පාදනයේ ගෝලීයකරණය වූ ලෝකයේ, පන්ති අරගලය ස්වරූපයෙන් මෙන් ම අන්තර්ගතයෙන් ජාත්‍යන්තර විය යුතු වන අතර ලාංකික කම්කරුවන් ගෝලීය ව්‍යාපාරයක සංඝටක කොටසකි. එම කම්කරු පීඩිත මහජනතාවගේ සටන් සංවිධානවල ප්‍රධාන ම අංගය විය යුත්තේ එහි පන්ති ස්වාධීනතාවය යි. එය දේශපාලන දකුන, එනම් ධනපති පක්ෂ හා ඒවාට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ සියල්ලන් ම බැහැර කරයි.

නිෂ්පදනයේ ගෝලීයකරණයත් සමග සංශෝධනවාදී ජාතික දේශපාලන වැඩසටහන් තවදුරටත් කිසිදු ප්‍රගතිශීලී කර්තව්‍යයක් කිරීමට නො හැකි තත්වයට ඇදවැටීමේ ප්‍රතිඵලයක් ලෙස කම්කරු පන්තියේ සාම්ප්‍රදායික සංවිධාන සවරූප වූ වෘත්තීය සමිති තවදුරටත් කම්කරු පන්ති අවශ්‍යතා නියෝජනය නො කරති. ඒවා ධනපති පාලක පන්තියේ සෘජු ඒජන්තයන් බවට පත්ව ඇත. ඒවා තවදුරටත් පන්ති අරගලයේ අව්‍යාජ උපකරන නොවේ.

මීට එරෙහිව, කම්කරු පීඩිත පන්තියේ අවශ්‍යතා සැබෑ ලෙස ම නිරූපනය කරන දේශපාලන සංවිධාන රූප බිහිකර ගත යුතුවේ. ස්වාධීන ක්‍රියාකාරී කමිටු එම සංවිධාන සවරූපයයි. කොක්‍රක පදනම් වනු ඇත්තේ පන්ති අරගලයේ විධික්‍රම මත මිස පන්ති සහයෝගීතාවය මත නොවේ.

ධනපති ආන්ඩුවේ කප්පාදු හා ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමේ මර්දනයට එරෙහිව එම අයිතීන් ආරක්ෂාව සඳහා කමිටුව අවසන් ජයග්‍රහන දක්වා සටන් කරනු ඇත.

සෝවියට් සභා ආකෘතියෙන් සමන්විත එය කම්කරු පීඩිත ජනතාව විසින්, තමන් සඳහා, තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන්නන් මගින්, තමන්ගේ නිදහස් ජන්දයෙන් තීරන ගැනෙන කම්කරු පාර්ලිමේන්තුවක් ලෙස ක්‍රියා කර යි. එහි ශක්තිය නිශ්චිතවම එහි ක්‍රියාකාරකම්වල මහජන ස්වභාවය මගින් නිශ්චිත කෙරේ.

කොක්‍රික රට පුරා මෙවැනි ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සදහාත් ඒවායේ ජාතික සම්මේලනයක් කැදවීම සදහාත් කටයුතු කරමින් සිටී.

පන්ති අරගලයේ මෙම අව්‍යාජ සංවිධානය ගොඩනැගීම සදහා එක්වන්න.

සංජය ජයසේකර – සභාපති
කොක්‍රික #CACPS
2022 ඔක්තෝම්බර් 05

2 thoughts on “ඉදිරි අරගලයේ ජයග්‍රහණය උදෙසා කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩනගමු !

  1. ශ්‍රී ලංකාව ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.

    ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය.

    රටවල් 20 ක් අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *