ඉන්දියාවේ බලවත් විරෝධය මැද චීන නැවට අවසර

ෂී යෑන් 6 නැමති චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබෙන බවත් , තවමත් ආදළා නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී නැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා මනීෂා පී .පෙරේරා පවසයි .

ඇය වැඩිදුරටත් පැවැසුවේ අවසර ලබාදීමේ ක්‍රියාපටිපාටිය ක්‍රීයාත්මක වෙමිනි පවතින බවයි .මෙම අවසර ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය ක්‍රීයාත්මම වන්නේ , ආදළා නෞකාව ඹක්තෝම්බර් මාසයේ දී කොළම සහ හම්බන්තොට වාරයවල් වල නැංගුරම් ලෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව නවදිල්ලිය කොළඹට දන්නවා ඇති තතු යටතේය .

ඉන්දිය මාධය වාර්ත කරන්නේ මෙම ඡින නෞකාව බුද්ධි තොරතුරු සෙවීමේ හැකියාව ඇති බවත් එයින් ඉන්දියාවට තර්ජනයක් එල්ල විය හැකි බවත්ය .

ෂී යෑන් 6 නෞකාව සිය පර්යෙෂණ කටයුත්තක් සදහා යොදා ගැනීමට බලාපොරෝත්තු වන බව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසා තිබෙි .

මෙයට පෙර ද 2022 වසරේ දී ද චීන පර්යෙෂණ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය . එම ‌නෞකාව ද හම්බන්තොට වරායට පැමිණියේ ප්‍රමාද කිරීම් බොහෝමයකට පසුව ය. ඉන්දියවේ විරෝධතාවය නොතකා ෂී යෑන් 6 නම් වු එම නෞකාව දින 07 ක් හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *