ඉන්දියාව පැරදු ලංකාවට ලකුණු 16 ක විශිෂ්ට ජයක්

ඉන්දියන් කණ්ඩායමට එරෙහිව පැවති පාන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක විශිෂ්ට ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත් විය .

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන පන්දුවාර 20 යි 20 යි තරගය ජය ගැනීමත් සමග කණ්ඩායම් දෙකම එකට එකාක් ලෙස ජයග්‍රහනය කරමින් සම තත්ත්වයේ පසු වෙයි .

කිසියේ වාසිය දිනාගත් සත්කාරක ඉන්දියන් කණ්ඩායමේ නායක හර්ඩික් පාණ්ඩ්‍ය මුලින්ම පන්දුවට පහර දිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය .

මෙම 20 යි 20 යි තරගය පැවැතියේ ඉන්දියාවේ පුනේහිදිය .

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවි ලකුණු 206 ක් ලබා ගැනීමට හැකි වු අතර ඉන්දියන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවි ලබා තග හැකි වුයේ ලකුණු 190 ක් පමණි .ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16 ක විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියන් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 21 කට දැවි ගියේය .

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ජානක සිය වගකිම පවරාගෙන පාන්දු 22 කදි ලකුණු 56 ක් රැස් කළ අතර එම ලකුණු 56 ට හයේ පහර වල් 06 ක් ඇතුළත්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *