LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ඉන්ධන හිගය හා විදුලිය කැපීම නිසා රෝහල් අඩපන වෙලා

ඉන්ධන හිගයත් විදුලිය කැපීමත් හේතුවෙන් රෝහල්වල කටයුතු බොහොමයක් අඩපනව ඇති බව සෞඛ්ය ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව කියයි.
වෛද්‍යවරුන්ට සිය වාහන සදහා ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමෙන්,ඒ සදහා පෝලිම්වල සිටීමට සිදු වීම නිසා අදාල රෝහල්වලින් ඔවුනට හදිසි කැදවීම් ලැබුනද,නියමිත වෙලාවට රෝහලට යාමේ බාධා ඇතිව ඇතැයිද මේ අය කියති.

විදුලිය කැපීම නිසා ශල්‍යගාරයන්හි කටයුතු අකර්මන්‍ය වී ඇතැයිද, එනිසා රෝගීන් අපහසුතාවයට පත්ව ඇතැයිද වුර්තීය සමිති කියති.

වෛද්‍යවරුන් පමණක් නොව,සිය පෞද්ගලික වාහනවලින් පැමිණෙන අනෙකුත් සෞඛ්ය සේවකයින්ද ඉන්ධන පෝලිම්වල සිටීමට සිදුවීම නිසා
ඔවුන්ට නියමිත වෙලාවට රාජකාරියට පැමිණීමේ අපහසුතා,පැන නැගී ඇති බව වුර්ත්තීය සංගම් පවසයි විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පහසුකම් නොමැති,
දුෂ්කර ප්‍රදේශවල සිටින සේවකයන්ට,මේ ගැටලුව බරපතල ලෙස බලපා  ඇති බවද ඔවුන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter