ඊලග යුද හමුදාපති අසුචියෙක්ද?

ගාලුමුවදොර අරගල සමයේ පාර්ලිමේන්තුන්ව ආරක්ෂා කර ගැනීම හා අරගලය මර්දනය කිරීමට දායකව විම හේතුවෙන් සුද හමුදා ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුව මගහැර ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් නිශාන්ත මානගේව යුද හමුදාපති ලෙස පත් කිරීමට සුදානමක් ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයේ අපගේ ආරංචි මාර්ග මගින් වාර්තාවේ .

සේවා දිගුවක් නොලැබුණොත් වත්මන් යුද හමුදාපති ලුතිනන් මේජර් ජෙනරාල් විකුම ලියනගේ වයස අවුරුදු පනස් පහ සම්පුර්ණ වීම හේතුවෙන් දෙසැම්බර් 30 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ඊලග හමුදාපතිවරයා පත්කරන්නේ ජ්‍යෙෂ්ඨතාවය මත වන අතර මේජර් ජෙනරාල් මානගේ සිටින්නේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ හය වන ස්ථානයේය .ඔහු 2023 නේ අලෝස්තු 18 ට විශ්‍රාම යැමට නියමිතය .

හමුදා ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව පලමු ස්ථානයේ සිටින්නේ යුද හමුදාපති යුද හමදාවේ දෙවැනියා ලෙස සැලකෙන වත්මන් මාණ්ඩලික ප්‍රධානිී මේජර් ජෙනරාල් සී.ඩි .විරසුරිය වන අතර ඔහු වයස අුවුරුදු 55 සම්පුර්ණ විම නිසා විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ 2023 ජුගි 14 වෙනිදාය .

ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ අනු පිළිවෙල අනඅව ඊලගට සිටින්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේ ,මේජර් ජෙනරාල් සෙනරත් යාපා ,මේජර් ජනරාල් ඩබ්ලිව් එස්.එස් වනසිංහ ,මේජර් ජෙනරාල් සි ගඩි රණසිංහ යන අයයි .

ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉදිරියෙන් සිටින මේජර් ජෙනරාල්වරු අවුරුදු 55 සම්පුර්ණවිම නිසා 2023 නේ දී විශ්‍රාම යෑමට නියමිතය .

ගෝල්ෆේස් අරගල භුමියේ නියෝජ්‍ය පොලිස්පපති සේශබන්දු තෙන්නකොන් ගේ සහාය ඇතුව ආණ්ඩුවේ මරයින් පහර දීමට ප්‍රථම අරගලකර්වන් මර්දනයකරන්නේ කෙසේදැයි යන්න පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකචිඡාවකදී එවක යු හමදා ප්‍රධාන මාණ්ලික ශාඛාවේ අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් මානගේ ප්‍රකාශ කර තිබුණේ අරගලකරුවන් විසුරුවා හැරීමට එල්ල කරන ජල ප්‍රහාර වලට මුසු කිරීම සදහා අසුචි සැපයිය හැකි බවය. එමෙන්ම එම සාකච්ඡාවට පෙර ඔහු ප්‍රදේශ භාර මේජර් ජනරාල්වරුන්ට දැනුම් දී තිබුණේ අරගලකරුවන් මර්දනය කිරීම සදහා පොලසියට ලබා දෙන අණ නොපිළිපදින බැවින් ඒ ඒ ප්‍රදේශ වල හමුදාව සීරුවෙන් තබන ලෙසය .

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

සිරස්තලය අපේ – ශාන්ත විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *