උඔලා ගත්ත ණය අපෙන් කපන්නේ අහවල් ලබ්බකටද?

ඊපිඑෆ් /ඊටීඑෆ් අරමුදල රනිල් -රාජපක්ෂලාගෙන් බේරා ගැනීමට සටන් වදිමු , උඔලා ගත්ත ණය අපෙන් කපා ගන්නේ අහවල් ලබ්බකටදැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් , වරාය සේවකයෝ ුද (10) දහවල් එම වරාය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී .

මෙම විරෝධතාවය ව්‍යාපාරය ඊපිඑෆ් /ඊටිඑෆ් කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය නමින් සංවිධානයක් මගින් කැදවා තිබුණි.

දහවල් කෑම පැයේ ආරම්භ කර තිබු මෙම විරෝධතා උද්ඝෝෂණයට සැලකියයුතු පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් සටන් පාඨ කියමින් හා සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වුහ .

සමාජවාදී සමානතා පක්ෂය එම උද්ඝෝණයට සහභාගි වි සහෝදරවරුන් දැනුවත් කිරීම සදහා අත්පත්‍රිකාවක් බෙදමින් සිටි අතර ඒතැනට පැමිණි වරාය සේවකයෝ පිරිසක් එම අත්පත්‍රිකා බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

රනිල් -රාජපක්ෂ ධනපති ආණ්ඩුවට කම්කරු පීඩිත ජනතාවගේ මුලික ආර්ථීක හා සමාජ ප්‍රශ්න විසදන්නට අපොහොසත් තතු යටතේ භාෂණයේ ,ප්‍රකාශනයේ සහ කලාවේ නිදහසට මර්දනය කරමින් සිටින මොහාතක ජනතා විමුක්ති පෙරමුණ අයත් වරාය සේවක සංගමයේ කම්කරු සහෝදරවරු සමාජවාදී සමානතා පක්ෂයේ අත්පත්‍රිකා පැහැර ගන්මින් එම පක්ෂයේ සහෝදරවරුන්ට එරෙහිව සිදු කරන ප්‍රහාරය ආණ්ඩුව මහජනයාට එරෙහිව ගෙන මර්දනයේම කොටසත් දැයි සැකයක් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *