එකගතාවය කැඩුවොත් නඩු දමනවා -මානව හිමිකම් කොමිසම් සභාව

මානව හිමිකම් කොමිසම සමග ලංකා විදුලි බල මණ්ඩලය ඇති කරගත් එකගතාවයෙන් කඩ කරමින් විදුලිය කාප්පාදු කිරීම නිසා එම ම්ණ්ඩයේ සභාපති සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුනු වාර්තා කිරිමට තිරණය කර ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි .

ඇති කර ගත් එකගතාවය කඩකරමින් ඊයේ (26) දිනයේ ප්‍රදේශ කිපයක විදුලිය කප්පාදු කර ඇති බවට පැමිණි ලැබි ඇතැයි මානව හිමිකම සභාවේ ඉහල නිධාරියෙක් අප සමග පැවැසීය .

විදුලි බල මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය රටේ නීතියට නොතකා අත්තනොමතිකව කටයුතු කරන බවක් නිරික්ෂණය වි ඇතැයි මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියෙකු පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කිරීමට සිදුව ඇති බව එම ඉහල නිලධාරියා පැවසීය .

උසස් ‌පෙළ විභාගය පැවැත්වෙන කාලසීමා තුල විදුලිය කප්පාදුවක් සිදු නොකරණ බවට විදුලි බල මණ්ඩලය , මානව හිමිකම් කොමිසම සමග එකගතාවයයට පැමිණියේය .

මහජන උපයෝගිතා කොමිසම මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් දන්වා ඇත්තේ ජනවාරි 26 සිට පෙබරවාරි 14 දක්වා විදුලිය කැපීම අනුමත ‌නොරකරන බවයි .

මානවහිමිකම් කොමිසමේ දී විධානයක් ලෙස නිකුත් කළ සමතයට අනුව මෙම කාලසීමාව අභණ්ඩ විදුලිය සැපයුමක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස විදුලි බල මණ්ඩලය විධානයක් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ලිපියේ සදහන් වේ.

විධානයන් ලෙස සිදු වු සමථය අනුව ක්‍රියා නොකරන්නේ නම් 1996 අංක 21 දරණ හ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනතේ 21 වනවගන්තිය අනුව කටයුතු කිරීමට හැකියාවක් ඇති බව මානව හිමිකම් කොමිසම් සභා අවධාරණය කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *