එක්නැළිගොඩට මොකද වුණේ : සාක්ෂියට ශානි අබේසේකර

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම සම්න්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්ක හමුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂිකරුවෙකු වන කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කැදවන ලෙසට නීතිපති දෙපාර්මේන්තු‌වෙන් කරන ලද ඉල්ලීම පිළිගෙන ඇත .

මෙම නඩුව දෙසැම්බර් 30 වෙනිදා කැදවු අවස්ථාවේ එක්නැළිගොඩව අතුරුදන්ම කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අබේසේකරව එම නඩුවේ සාක්ෂියට නොකැදවිම බරපතළ වරදක් බව එක්නැළිගොඩ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණය හමුවේ පෙන්වා දුන් පසු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නියෝජ්‍ය සොලිස්ටාර් දිලීප පිරිස් අධිකරණය හමුවේ පවසා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *