එක්ස්ප්‍රස් වන්දි මුදල වැළැක්වීමට කෝටි 25 ගත් පුද්ගලයා හෙළි කරන්න -විමල් වීරවංශ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන දැවීම නිසා ශ්‍රී ලංකාවේ සමුද්‍රයට සිදු වු හානිය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට ලැබීමට නියමිත වන්දි මුදල වැළැක්වීමේ පොරෝන්දුව මත කෝටි 25 ක මුදලක් ලබා ගත් අපරාධකරුවා රටට හෙළි කරන්නැයි ජාතික නිදහස් පෙරමුනේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි .

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එක්ස්ප්‍රස් නෞකාවෙන් ලංකාවට ලැබීමට නියමිත වන්දි මුදල වැළැක්වීම සදහා රුපියල් කෝටි 25 ක මුදලක් ලබාගෙන ඇතැයි කළ ප්‍රකාශයට ආදාළ පුද්ගලයා හෙළි කරන්නැයි පිටකෝට්ටේ ජා. නි .පෙ . කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය ඔහු එසේ පවසා ඇත.

වහේ ඔරෝ භාෂාවෙන් කියන්නේ නැතිව අපරාධකරුගේ නම කියා හෙළි කරන්නැයි වීරවංශ රාජපක්ෂට අභියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *