එන්නත් නොමැතිව අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂා නවතී -රවී කුමුදේශ්

මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂාවට භාජනය වන තැනත්තන් හට ලබා දියයුතු විකීරණශීලි එන්නත් නොමැතිවීම නිසා ජුනි 26 වනදා සිට එම පරික්ෂණ නතර විමට නියමිත බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි .

ඔහු සදහන් කරන්නේ නිසි වේලාවට එම එන්නත් මිල දී ගැනීමට කටයුතු නොකිරීම ඊට හේතුව බවත් ඹෟෂධ මිලදී ගැනීම් සිදුකරන තාක්ෂණ කමිටු වලට විකිරණ තාක්ෂණවේදීන් කිසිවෙකුත් සහභාගි කර නොගන්නා බවත්ය .

පෙට් ස්කෑන් පරික්ෂාව මගින් පිළිකා රෝහල තත්වයේ වර්ධනය , පිහිටිම හා ක්‍රියාකාරීත්වය සුක්ෂ්මව හදුනා ගන්න බවත් පිළිකා රෝග තත්වයට ප්‍රතිකාර කිරීමෙන් පසු එහි නැවත වර්ධනයක් සිදුවන්නේ ද යන්න හදුනාගත හැක්කේ ද මෙම පෙට් ස්කෑන් පරික්ෂණයෙන් බවත් ඔහු සදහන් කරයි .එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ රජයේ රෝහල් පද්ධතිය තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර ඇත්තේ දෙකාක් පමණක් බවත් අනෙක් යන්ත්‍රය ඇත්තේ කොළඹ ජාතික ‌ෝහලේ බවත් පෞද්ගලික අංශයෙන් මෙම පරික්ෂණය කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් වැය වන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *