කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බේරේ වැවේ දියබුම් ගසන විඩියෝවක් සමාජ ගත කළා යැයි නිකේෂලට පහර දීලා

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (11) ප්‍රියත් නිකේෂලට සහ හිටපු නගරාධිපති චන්දන අබේරත්නට ඇප නියම කර ඇති අතර එහි දී පොලිසීය නිකේෂලට පමණක් ඇප නියම කිරීමට විරුද්ධ වි ඇත.

සමාජ ක්‍රියකාරයෙකු සහ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීයෙකු වු ප්‍රියත් නිකේෂලට ඊයේ (10) කඩුවෙල නගරයෙදී ඒද නගර සභාවේ හිටපු නාගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ ඔහුගේ මැරයන් පිරිසක් පහර දී බරපතළ තුවාල සිදු කිරීම නිසා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

නිකේෂල ගමන් කළ මෝටර් රථය ,වාහන දෙකකින් පැමිණි මැරයෝ පාර හරස් කොට නතර කර මෙසේ පහර දී ඇත.

මැරයෝ නිකේෂලට පහර දී ඇත්තේ ,මැයි 09 වෙනිදා ගාලුමුවදොර පහර දීමට පැමිණි කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති ඇතුළු මැර පිරිසක් පැමිණ ඇති අතර එහි දී කම්කරු පීඩිත මහජනයා ඔවුන්ට පහර දී බේර වැවේ දමා නාවන විඩියෝවක් නිකේෂල අන්තර් ජාලයට මුදා හැරියා කියාය .

මැර නගරාධිපති කිපවතාවක් නිකේෂලට කතා කර එම ඩිඩියෝව ඉවත් කරන්නැයි ඉල්ලා ඇති අතර එය ඔහු ඉවත් කර ගැනීමට කටයුතු නොකිරීම නිසා පහර දී ඇතැයි වාර්තාවේ .

මැර නගරාධිපතිවරයා නිකේෂල තමන්ට පහර දුන්නා යැයි පොලිසීයට පැමිණි කර රෝහල් ගත වි ඇති නිසා පොලිසීය නිකේෂල අත්අඩංගුවට ගැනීම සදහා ඔහු නැවති සිටින රැකවල් ලා සිටින බවත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *