ආණ්ඩුව කල් ඉකුත්වු කදුළු ගෑස් භාවිතා කර මිනී මරයි !

කදුළු ගෑස් ඝාතන වලට ,කුරුදු පොලු හමුදාවට , පාසල දරුවන්ටත් කදුළු ඝෑස් ගැසීමට සහ සරසවි වලට කඩා පැනීමට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයක් අද (10) දහවල් කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණ .මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ , පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ තරුණයට හෙටක් සංවිධානය මගින්ය .

කැරළි මර්දන පොලිසිය කල් ඉකුත් වු කදුළු ගෑස් භාවිතා කිරීම නිසා නිමල් අමරසිරි , ඇතුළු තුන්දෙනෙක් මිය ගොස් තිබේ .

කැරළි මර්දන පොලිසීය විරෝධතා උද්ඝෝෂණ මර්දනය කිරීම 2012 සිට 2022 දක්වා කැනිස්ටර් 8000ක් පාවිච්චි කර ඇති අතර 2022 අප්‍රේල් සිට ජුනි අගෝස්තු දක්වා කැනිස්ටර් 6000 ක් පාවිචිචි කර ඇත. විරෝධතා මර්දනය කිරීම සදහා භාවිතා කරන සමහරක් කැනිස්ටර් මිල දී ගෙන ඇත්තේ 2000 වර්ෂයේ බවත් තවත් සමහර කැනිස්ටර් 2010 යේ බවත් වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *