කලාවේ හා ප්‍රකාශනයේ අයිතියට තබන අත සිද දමමු !

නතාෂා සහ බෲනෝ වහා නිදහස් කරන්නැයි ඉල්ලා අද (07) කොටුව උසාවිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැතවිණ.

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ කොළඹ ක්‍රියාකාරි කමිටුව මගිනි .

නතාෂා සහ බෲනෝ වහා නිදහස් කරනු ! කලාවේ හා ප්‍රකාශනයේ අයිතියට තබන අත සිද දමනු ! කම්කරු , ගොවි , තරුණ ජනතාවනි මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු ! මර්දන නීති අහෝසි කරනු ! බංකොලොත් ධනවාදය එපා ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් උද්ඝෝෂකයෝ පැය 02 කට ආසන්න කාලයක් කොටුව උසාවියට පිවිසෙන මර්ගයේ නිහඩ වි‌රෝධතාවයක නියැලුනහ .

Standa up comady රංගන ශිල්පිනීයක් වන ජයනි නතාෂා එදිරිසුරිය “මෝඩාභිමාන ” වැඩසටහනක් මගින් බුදු දහමට අපහාස කළා යැයි ඇයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අද (07) විභාගයට ගත්තේය .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් නතාෂාව මැයි 28 වෙනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දි අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි . නතාෂාගේ එම විඩියෝව විකාශනය කළා යැයි SLV log අයිතිකරු බෲනෝ දිවාකර ද මැයි 31 වෙනිදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

රට වසන ආගමික කුමන්ත්‍රණය වලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කර නව ජනතා පෙරමුණ නමින් සංවිධානයක් නතාෂාට සහ බෲනෝ එරෙහිව නිහඩ විරෝධතාවයක නිරත වුහ .

දෙපිරිස අතර ගැටුමක් ඇති විම වැළැක්වීම සදහා පොලිසීයට අමතර කැරැලි මර්දන පොලිසීය ද කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *