කලු කමිස සොයා පොලිසිය ගෙවල් වටලයි

Police raids houses in search of black shirts

අරගලකරුවෙකු වන ධනුෂ්ක ලක්මාල්ව වේයන්ගොඩ දෙම්මුල්ල පොලිසිය මගින් අද (03) දහවල් ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ලක්මාල්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිල ඇදුම් ඇදගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් පැමිණ තිබේ .

පොලිසිය ලක්මාල් ගේ නිවසට පැමිණ කලු පාට කමිසයක් ඇද්දැයි විමසා ඇති බවත් කලු පාට කමිසයක් ඇතැයි පවසා ඔහු එම කමිසය පොලිස් නිධාරීන්ට ගෙනැවිත් දී ඇත.

කමිසය අතට ගත් පොලිස් නිලධාරීන් ලක්මාල්ව රැගෙන ගොස් තිබේ.

ලක්මාල් නිවස පිහිටා ඇත්තේ නිට්ටඹුවපොලිස් බල ප්‍රදේශයේ වන අතර ,ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ දෙම්මුල්ල පොලිසිය මගින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *