කවුද මේ මොකද කරන්නේ, මේ පුද්ගලයාව දන්නවාද?

 ගෝඨා ගම ඊයේ (26) සැක කටයුතු ලෙස හැසුරුනු සිව්දෙනෙක් එහි රැදී සිටින තරුණයන් පිරිසක් විසින් අල්ලා කොටුව පොලිසියට බාර දී ඇත .

මෙම සැක කටයුතු පුද්ගලයන් ගෝඨා ගමට පැමිණේන පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු විමසමින් සිටියදී තරුණයන් ව්සින් එම සැක කටයුතු පුද්ගලයන්ව අල්ලා ගෙන ඇත . මෙම ජයාරුපයේ සිටින සැක කටයුතු පුද්ගලයා තරුණයන් විසින් අල්ලා ගන්නා මොහොතේ ඇද ගෙන සිට ඇත්තේ කළු පාට බැනියමක් වන අතර පසු ඔහු කලබල ව් ඇදුම් මාරු කරගෙන ඇති බව එහි සිටි තරුණයෙක් අප සමඟ පැවසිය . අල්ලා ගත් සැක කටයුතු සිව්දෙනා හමුදා බුද්ධි අංශ වලට හෝ රාජපක්ෂ රේජිමයට සම්බන්ධ පුද්ගයන් යැයි තරුණයන් විසින් සැක කරති . මෙම සැකකරුවන් පොලිස් රිප් රථයට නංවා ගනිද්දී , තමුසෙ මගේ දුවගේ පෞද්ගලික තොරතුරු ඇසුවේ ඇයි ද කියා පියෙක් සැකකරුවෙක් ගෙන් ප්රශ්න කර සිටියේය.

පොලිසිය සැකකරුවන් ගෙන් ප්රශ්න කරද්දී , ඔහුන් පවසා ඇත්තේ , කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුන්ට ගෝඨාගමට ගොස් එතැනට පැම්ණේ අයගේ පෞද්ගලික තොරතුරු සොයා දෙන්නැයි ඉල්ලා ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *