කුමාරගේ ඝාතකයන් නිදැල්ලේ – වගකිව යුතු ආයතන නිහඩයි

අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි මරා දමා මාස තුනකට ආසන්න කාලයක් ගත වි ඇතත් , එම සැකකරුවන් රාජකාරී කටයුතු වල නිරත වෙමින් නිදැල්ලේ සැරීසරති .

කුමාරව පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රාජකාරී කටයුතු වල නිරතව සිටිම මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා සැකරුවන්ගේ ජිවිත හිතාමතා අනතුරේ හෙළිමකි . එම සැකකරුවන් රාජකාරී කටයුතු වල නිරත විම තුල කුමාරට අත් වු තත්ත්වය වෙනත් සැකකරුවෙකුට අත්විය නොහැකි යැයි පොලිස් දෙපාර්මේන්තුවට කිව හැකිිද

වත්තට පැන පොල් ගෙඩියක් සොරකම් කළා යැයි දැරීයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රටක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරියා යැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී මරා දැමු කුමාරගේ ඝාතකයන්ට එරෙහිව මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිම ගැන ඥාතිහු කනස්සල්ල පල කරති .

ඔහු මිය යන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදීය . කුමාරට අමානුෂික ලෙස පහර දේද්දී , ඔහු සිහිසුන් වි ඇති අතර පසුව කුමාරව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන්නේ ද මක්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසිනි . මහ පාරේ දමා ගොස් තිබු නාදුනන පුද්ගයෙකු යැයි කුමාරව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට භාරදීමට එම නිලධාරීන් උත්සහ කර ඇත. කුමාරගේ මරණය සමාන්‍ය පහර දිමකින් සිදු මරණයක් නොව මරා දැමීමේ චෙිතනාවෙන් සිදු කළ පහරදීමක් බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සදහන් කර ඇත.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ කොළඹ මෘත ශරීරාගාරයට ගොස් කුමාරගේ මෘත දේහය පරික්ෂා කර ඇති අතර එහි දි මරණකරුගේ කලිසමේ දණහිස් ප්‍රදේශයේ මඩ සලකුනු තිබි ඇත . නමුත් මහේස්ත්‍රාත්වරයට අපරාධය වු ස්ථානය ලෙස පෙන්වා ඇත්තේ අතහැර දමන ලද පොළොවට සිමෙන්ති දැමු වියළි ස්ථානයකි . අපරාධය සිදු වු ස්ථානය ලෙස ‌පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් පෙන්නපු ස්ථානය සැක සහිත බව මහේස්ත්‍රාත්වරිය නිරික්ෂණ සටහන් වල සදහන් කර තිබුණි . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කුමාරව පැහැරගෙන ගොස් රදවාගෙන ප්‍රශ්න කර ඇත්තේ නෙලුම් කුළුණ ඉදිරිපිට ඇති දුම්රිය දෙපාර්මේන්තුවට අයත් කොච්චි පෙට්ටියක තබාගෙන බව පසු හෙළි විය . මරදාන පොලිසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන් හිතාමතා අධිකරණයට සාවද්‍ය තොරතුරු සපයා නොමග යවා ඇත.

කුමාරව ජනවාරි 10 වෙනිදා සවස 2.30ට පමන නාරාහෙන්පිට මැනිං වෙළද පොල ඉදිරිපිට දි පැහැර ගන්නා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් එදිනම රාත්‍රියේ ඔහුට පහර දි මරා දමා තිබේ . කුමාරව මරා දැමු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු එදිනම රාත්‍රියේ කුමාරගේම දුරකතනයේ සදහන් අංකයකට කතා කර ඔහු පිළිබද තොරතුරු විමසා ඇත. එම දුරකතන සංවාදයේ හඩ පටයක් ඇති අතර ඒ හඩ පටය ගැන කරුණු අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු විසින් උසාවියට වාර්තා කර තිබේ . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් කුමාර ගැන තොරතුරු සොයන්නට තිබුණේ ඔහු මරා දැමු පසු නොව පෙරය . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඹත්තුකරුවෙකුගේ තොරතුරකට අනුව බව කුමාරට එරෙහි මරදාන පොලිසිය මගින් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සදහන් වේ . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කුමාර ගැන කිසිදු විමර්ශනයක් සිදු නොකර ඹත්තුකරුවෙකු ලබාදුන් තෙරතුරක් මත පමනක් පදනම් වි කුමාරව පැහැරගෙන ගොස් මරා දැමීම ගැන බරපතළ සැකයක් ඇත .

අමානුෂික ලෙස පොලුවලින් පහර දි කුමාරව මරා දැමු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නිලධාරීන් මහජනයා නොමග යැවීම සදහා ඔහු ‌ගාල්ලේ පොඩි ලැසීගේ ගෝලයෙකු යැයි මත්ද්‍රව්‍ය කාර්යංශය කියන විට ලියන මාධ්‍යවේදීන් පීරිසක් ලවා ලියවන ලදී . ඔහුගේ ඝාතනය ගැන පොලිසිය උසාවියට කරුණු වාර්තා කරන්නේ ජනවාරි 12 වෙනිදය . එදිනම අත්අඩංගුවෙන් පනින්න හැදු කුඩා පොරබදද්දි මිය යයි කියන ප්‍රවෘත්තීය ලංකාදිප පුවත්පතේ පල වි තිබුණි . මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් මේ ප්‍රවෘත්තීය ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන් හට ලබා දි ඇත්තේ ජනවාරි 11වෙනිදාය . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීීී කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට කුමාරව මරා දමා එය මත්කුඩු ජාවාරම්කරුවෙකු යැයි හංවඩුවක් ගසා වසා දැමීමට ගත් උත්සහාය ගත් තැන ලොප් වීය .ලංකා ස්කයි නිව්ස් දිගින් දිගටම කියා සිටියේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ඔහුව මරා දැමුවේ කාගේ හෝ කොන්ත්‍රාත්තුක් මත බවයි .

නාරාහන්පිට වෘත්තීය පුහුනු අධිකාරීයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස කුමාර ‌සේවය කොට ඇති අතර ඔහු පැහැර ගත් ජනවාරි 10 වෙනිදා කැම එකාක් ගැනීම සදහා කුමාර ඒ අසල අවන්හලකට ගොස් ඇති අතර එම අවන්හලේ ඔහු සමග සේවය කරන මාධව ගමගේ නැමැති මිතුරේකු කෑම කමින් සිට ඇත. කුමාර කෑම එකත් රැගෙන අවන්හලෙන් එළියට පැමිණේද්දී කොට කලිසමක් ඇද ගත් පුද්ගලයෙකු ඔහුගේ අතින් අල්ලා වාහනයකට දමා ගන්නවා එම මිතුරා දැක ඇත.

කුමාරව පැහැරගෙන ‌‌ගොස් මරා දැමු බවට සාක්කි තිබියදිත් එම සිද්ධියේ සම්බන්ධයෙන් අධිකරණයට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට උත්සහ කර තිබෙන නිසාත් එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයට නියෝගයක් නිකුත් කළ හැකිය . මන්ද කුමාර අමානුෂික මරා දමා මාස තුනකට ආසන්න කාලයක් ගත වි ඇතත් එම ඝාතන සිද්ධියට අද්‍රළව කිසිදු සැකකරුවෙක් මේ වනතෙක් පොලිසීය අත්අඩංගුවට ගෙන නැත . මරණකරු සහ ඥාතීන්ගේ අසියිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු ද කුමාරගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ .

තම ස්වාමී පුරුෂයා පැහැරගෙන ගොස් මරා දමා මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇති බවත් කිසිදු සැකකරුවෙක් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නැයි කුමාරගේ බිරිද වන ශිරාණි දිල්රුක්ෂි ප්‍රියදර්ශනී (පෙබරවාරි 27 වනදා) පොලිස්පතිවරයාට ලිඛිත පැමිල්ලක් කරමින් ඉල්ලා ඇත. නමුත් පැමිණිල්ල කර මාසයක් ගත වි ඇතත් මේ ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද අප කළ විමසුමකදී ප්‍රියදරශනී පැවසුවාය ..

කුමාරගේ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග නිකුත් කිරීම අවශ්‍ය නැති බවත් පොලිසියට අවශ්‍ය නම් ඔවුන්ව අත්අඩංගුවට ගත හැකි බව මහේස්ත්‍රාත්වරිය පෑවැසුවාය . මරදාන පොලසිය පමනක් නොව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව පවා එම සැකකරුවන්ට එරෙහිව අපක්ෂපාතිව කටයුතු කරයි කියා මේ රටේ මහජනයා විශ්වාස කරන්නේ නැත . එය හරියට හොරාගේ අම්මාගෙන් පේන අසනවා වැනි වැඩකි . මේ රටේ මහජනයාට යම් හොා් විශ්වාසයක් ඇත්නම් , ඒ අධිකරණය කෙරෙහි පමණි .

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවව කුමාරව වැන් රථයක දමාගෙන යනවා ඇසින් දුටු නාරාහෙන්පිට වෘත්තීය පුහුනු අධිකාරීයේ කළමනාකාර සහකාරවරයෙකු වන මාධව ගමගේ ගෙන් මාර්තු අවසන් වෙද්දීත් කටඋත්තර ලබාගන තිබුණේ නැත. අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව ගමගේ ගැන දැන සිටියේ නැති බවත් කුමාරගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්කියක් නැති බව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරිිිියෙකු ලියුම්කරු සමග පැවැසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *