කුමාරිගේ මරණය පොලිස් පහරදිමකින් සිදු වු ඝාතනයක් -අධිකරණ වෛද්‍ය නිලධාරි

කොට්ටේ රාජගිරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ආර් .රාජ් . කුමාරිගේ (42) මරණය ඝාතනයක් බවත් මෘත දේහය ගොඩගෙන නැවත පරික්ෂණයක් සිදු කරන්නැයි මරණකාරීයගේ ස්වාමී පුරුෂයා වන සෙල්වරාජ් ජේ . සුරාජ් මෝසමක් මාර්ගයෙන් කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (17) නීතිඥයෝ මාර්ගයෙන් ඉල්ලීමක් කළ අතර එහි දි මහේත්‍රාත්වරයා තින්දුවක් ලබා දීමට 19 වනදා දක්වා කල් තබන ලදි .

එදිනට වැලිකඩ පොලිසියට සහ සම්පුර්ණ වෛද්‍ය වාර්තාව කැදවන්නැයි ද නියෝග කළේය .

කුමාරි අවුරුද්දකට වැඩි කාලයක් චිත්‍රපට අධ්‍යක්ෂකවරියෙකු වු සුදර්මා නෙත්තිකුමාර් ගේ රාජගිරය නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට ඇත. පසුව නෙත්තිකුමාර් ගේ මුද්දක් සොරා ගත්තා යැයි මැයි 11 වෙනිදා ඇයව රාජගිරිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබිණ . කුමාරි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සේවය කරමින් සිට ඇත්තේ වෙනත් නිවසකය

කුමාරිව අත්අඩංගුවට ගත්තා කියලා මට මුලින්ම කතා කරලා කිව්වේ නෙත්තිකුමාර් මැඩම් . ඊට පස්සේ මගේ දුරකතනයට 0789839431 අංකයෙන් දුරකතන ඇමතුමක් ආවා . වැලිකඩ පොලියෙන් කියලා , කුමාරි නෙත්තිකුමාර් මැඩම්ගේ මුද්දක් සොරකම් කළ නිසා අත්අඩංගුවට ගත්තා කියලා . පස්සේ කතා කරපු පොලිස් නිලධාරියා කුමාරිට දුරකතනය දුන්නා . අයියේ මට ගහනවා මාව ඉක්මනින් බේරා ගන්න කියලා ඇඩුවා . එහෙම කාතා කරන කොටම කුමාරිගෙන් දුරකතනය උදුරා ගත්තා . කුමාරි කතා කර ගන්න බැරි තත්වයක හිටිය බව කතා කරද්දි තමාට දැණුනු බව “කුමාරිගේ ස්වාමී පුරුෂයා වන සුරාජ් ලංකා ස්කයි නිවිස් සමග පැවැසීය .

කුමාරිව අත්අඩංගුවට ගන්න කොට මම හිටියේ අම්පාරේ උක් කපන්න ගිහිල්ලා .මැයි 11 වෙනිදා සවස මම වැලිකඩ පොලිසියට කතා කරලා කුමාරි ගැන ගැහුව්වාම අසනීප වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරා කියලා පොලිසියෙන් කිව්වා . 11 වෙනිදා රාත්‍රියේ මම මගේ යාළුවෝ සමග කොළඹ ආවා . මැයි 12 වෙනිදා උදේ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගිහිල්ලා කුමාරිව මෘත ශරීරය බැලුවා . ඇගේ ශරීරය ඉදිමෙලා , ශරීරය රතුවෙලා තිබුණා . කන් වලින් සහ නහයෙන් ලේ ගලමින් තිබුණු බව සුරාජ් කීවේය .

කුමාරිගේ ලේ සහ ශරීරයේ කොටස් රස පරික්ෂකවරයා වෙත යැව් බවත් මෙම ඝාතනය සිදු වි ඇත්තේ පොලිස් පහර දිමකින් බව අධිකරණ වෛද්‍ය නිලධාරියා තමා සමග පැවැසු බව සුරාජ අපි සමග කීය .

පොලිසිය මගෙන් කටඋත්තර අරගෙන මෘත ශරීරය මුදාහැරියා . කුමාරිගේ ( පොලිසීය රාජගිරිය රුහුණු මල් ශාලාව ) මරණයේ සියලුම වියදම් කළේ පොලිසීයයි . නෙත්තිකුමාර් මැඩම් වියදමට කියලා මගේ බැංකු පොතට රුපියල් 35 000ක් දාලා කිව්වා ඉදිරියෙදී දරුවන්ට උදව් කරන්නම් කියලා .

කුමාරිව අත්අඩංගුවට ගන්න කොට ඇය නෙත්තිකුමාර් ගේ නිවසෙන් ඉවත් වෙලා මාස දෙකාක් වෙන බව සුරාජ් අප සමග වැඩිදුරටත් පැවැසීය .

කුමාරි සහ සුරාජ් පදිංචිව සිටියේ නාහවිල වත්ත දෙමෝදරය . කුමාරි තිදරු මවකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *