කුරුදුවත්තේ චින ජාතික කසිප්පු ජාවාරම් පොලට පොලිස්පතිගේ සහය ලැබෙනවාද?

කොළඹ කුරුදු වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් ,රෝස්මිඩි සහ ඇලෙක්සැන්ඩ්‍රා යන ස්ථාන දෙකේ නීති විරෝධී මත්පැන් (කසිප්පු) පෙරණ මධ්‍යස්ථානයක් සහ අවන්හලක් චින ජාතිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යන බවට ලංකා ස්කයි වෙත තොරතුරු ලැබි ඇත.

මෙම නීති විරෝධී ජාවාරම මෙහෙය වන්නේ චින ජාතිික කාන්තාවක් බවත් එම ජාවාරම පවත්වාගෙන යැමට පොලිස්පති සී .ඩි .වික්‍රමරත්නගේ සහයෝග ලැබෙන බවත් එම චින ජාතාකයින් පවසා තිබේ .

ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ අංක 108 /5 ‌එෆ් ආර්ක් ටෙක් රෝඩ් යන ලිපිනයේ ගබඩාවක මෙම කසිප්පු පෙරණ ස්ථානය පවත්ගෙන යන අතර මෙසේ ‌නීති විරෝධීව පෙරණ මත්පැන් රෝස්ඩ් ප්‍රදේශයේ පිහිටි අංක 668 අවන්හලේ අලවි කරණ බවත් වාර්තාවේ .

නීති විරෝධී මත්පැන් ජාවාරමට අමතරව නීතී විරෝධී මත්ස්‍ය (මුහුදු කුඩැල්ලා සහ මුහුදු අශ්වයා ) සහ මස් වර්ග ද අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇත.

මෙම තොරතුර සම්බන්ධයෙන් අපි කුරුදු වත්ත පොලිසීයට දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ ඒවැනි ජාවාරමක් පිළිබද තොරතුරක් තම පොලිස් ස්ථානයට ලැබි නැතැයි එම පොලිස් ස්ථානයේ පොලිස් කාන්තාවක් ස්කයි නිව්ස් සමග පැවැසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *