කෙසෙල්වත්ත ස්ථානාධිපතිගේ කුරුමානම වරදි

ආණ්ඩුවේ අවශ්‍යතාවය මත නීතිපති දෙපාර්මේන්තුව අධිකරණ කටයුතු වලට සිදු කරන අයුතු බලපැම වහාම නතර කරන්නැයි බල නීතිඥ සාමුහිකය මගින් ජනවාරි 18 පැවැත් වු විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වු නීතිඥවරු පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නඩු අංක බි 84523/01/23 යටතේ ගොනු කළ නඩුවට විදේශ ගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ ද නම ඇතුලත් කර ඇත.

නීතිඥ පෙරේරා ජමනියේ බර්ලින් නගරයේ ECCHR (European Center Consttutional and Human Rights) ආයතනය මගින් පිිරිනම ලද ශිෂ්‍යත්ව වැඩ සටහනකට සහභාගි විම සදහා එහි ගොස් ඇත.

මෙම විරෝධතා උද්ඝෝෂණයට නීතිඥ ගුණරත්න වන්නිනායක , නීතිඥ නුවන් බෝපගේ සහ ‌නීතිඥ සේනක පෙරේරා සහ අරගලකරුවන් පිරිසත් ද සහභාගි වු බව එම නඩු වාර්තාවේ සදහන්වේ .

මහජන පීඩාවක් සහ රථ වාහන තදබදයක් සිදු වන අයුරින් කටයුතු කළා යන චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

පොලිසිය ආණ්ඩුවේ අවශ්‍යතාවය මත තොරාගත් පුද්ගලයන්ව ඉලක්ක කර දඩයම් කරන බව නීතිඥ සේනකගේ සිද්ධිය සමග එළියට කාන්දු විය . සේනක රට ගිය බව පොලිසිය දැන සිටියේ නැත . නීතිඥ පෙරේරා මෙම සිද්ධියට ඇදා ගැනීමෙන් කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති හත්පලේ උලා ගෙන ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *