කොකාවිල් කදවුරට අනුයුක්ත හමුදා සෙබළියන්ගේ ස්ථාන මාරුව බොරුවක් -හමුදා මාධ්‍ය ප්‍රකාශක

මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරේ 04 වැනි කාන්තා බලකායට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබළියන් 129 දෙනෙක්ට ස්ථාන මාරු කිරීමට එරෙහිව එම කඳවුර පිවිසුම් මාර්ගය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළහ .

මෙම විරෝධතාවය පවත්වන ලද්දේ මැයි 16 වන අතර ඔවුන්ට වවුනියාවට යන ලෙසට දැනුම් දී තිබුණි .

ස්ථාන මාරුවට එරෙහිව ඔවුන් දිවා රාත්‍රී දෙකෙහිම කදවුර ඉදිරිපිට වාඩිලාගෙන විරෝධතායයේ නියැලුනහ .

දෙමළ ජාතික සෙබළියන් 104 දෙනෙක් 2012 වසරේ සිට එම කඳවුරට අනුයුක්තව සේවය කරන බවත් ඔවුන්ව වවුනියාවට මාරු කර යැවිවොත් ප්‍රශ්න හා ගැටලු විශාල සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වන බවත් වව්නියාවට දී ඇති ස්ථාන මාරුව අවලංගු කොට කොකාවිල් කඳවුරේම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලා මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි

තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහල නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති නිසා විරෝධතාවය අඛන්ඩව ඉදිරියට කරගෙන යන බව අම්බුජානී නැමති සෙබළිය මාධ්‍යයට පැවසුවාය .

කොකාවිල් යුද හමුදා කදවුරේ 04 වෙනි කාන්තා බලකායේ සෙබළියන් ස්ථාන මාරු කිරීමට කිසිදු තිරණයක් ගෙන නැති බවත් 2011 සහ2012 වර්ෂවල ජාතිය ගොඩනැගීම ව්‍යාපෘතිය යටතේ සිංහල ,දෙමළ සහ මුස්ලිම් ජනයා අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීම සදහා මේ වැනි බදවා ගැනීම් සිදු කර ඇති බවත් මොවුන් හමුදා කදවුරු වල කෘෂිකාර්ම්ක සහ පෙදරේරු කාර්යන් සිදු කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මාධ්‍යයට පවසා ඇත.

ඔවුන් වෙනම ස්ථානයකට මාරු කර යැවිය නොහැකි පැවසු ඹාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි ප්‍රචාරයක් ඇති කිරිමට යුද හමුදාවේ කවුරු හෝ දායක වී ඇත්නම් , ඒඅයට එරෙහිව විනය පියවර ගන්නා බව ද පැවැසීය .

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ස්ථාන මාරුව පිළිබද ප්‍රවෘත්තීය බොරු බවය . නමුත් ස්ථාන මාරුවට එරෙහිව එම හමුදා සෙබළියන් දිවා, රාත්‍රී විරෝධතාවයක නිරත වන ජායා රූප අප වෙත ලැබි ඇත. හමුදා මාධ්‍ය ප්‍රකාශක සමාජය නොමග යැවිම සදහා බොරු කියනවා ද? නැතිනම් හමුදුා අපහසුතාවයට පත් කිරීම සදහා දැනුවත්ව සිදුකරන නොමග යැවිමක් දයන්න සොයා බැලීම යුතුය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *