අනුන්ගේ කුඩුවේ බිත්තර දැමිම හෙවත් පොලිස් අණට කීකරු විම .

අරගලයේ දි මර දැමු චමින්ද ලක්ෂාන් ඇතුළු අරගලයේ දි මිය ගිය විරුවන් සමරා ඊයේ (09) පැවැති උත්සවය කඩාකප්පල් කර අරගලකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සහා කළේය .

විරුසමරු උත්සවය කඩාතප්පල් කිරිම සදහා 2000 පමණ පොලිස් බල ඇණියක් ගාලුමුවදොරට කැදවා තීබුණි .

.අරගලකරුවන් ‌පොලිස් හිරිහැර මැද ඉටි පන්දම් දල්වා විරුවන් සැමරුහ .

ෂැන්ගිලා හෝටලය ඉදිරිපිට පැමිණි අරගලකරුවන්ව වැටලු පොලිසිය එම ස්ථානයේ උද්ඝෝෂණය නොකරන්නැයි නියෝග කළ පොලිසිය ආරක්ෂක මණ්ඩලික ල්‍රධානි ශාවේන්ද්‍ර සිල්වාගේ අයත් යැයි කියන බැර කුඩා අපනශාලාව ඉදරිපිට වේදිකාවට යන්නැයි පොලිසිය බල කර සිටියේය .

අරගලකරුවන් මුල දි ඊට විරුද්ධ වුවත් පසුව පොලිිිස් නියෝග පිළිපදිමින් පහු බහින්නට වුහ .

පාර්ලිමේන්තු පනතකින් උද්ඝෝෂණය හෝ විරෝධතා දැක්විමට ගාලුමුවදොර තැනක් වෙන් කර කොමැති තත්ත්වයක් මත අහවල් තැනට ගොස් විරෝධය දක්වන්නැයි අරගලකරුවන්ට පොලිසියට බලපැම් කළ නොහැකිය . අරගලකරුවන් මේ ගැන ප්‍රශ්න කරන්නේ තැතිව පොලිසියත් හොදින් තියාගෙන විරුවන් සමරන්නට ගොස් හත්පලේ උලා ගත්තේය . ගාලුමුවදොර දි පොලිසියත් අපේ හමුදාවත් අපේ යැයි බෙරිහන් දුන්නෙත් මේ හාදයෝමය .

පොලිස් නියෝග පිළිපදිමින් පසු බැස්ස අරගලකරුවෝ මග නැවති විරු සමරු උත්සවය පැවැත්විමට ගත් උත්සහය පොලිසිය මැදිහත් වි කඩාකප්පල් කළේය . ගාලුමුවදොර විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා අවසානයේ ඉටිපහන් දල්වා විසුරුවා යෑමට සැලසුම් කර තිබුන ද ඒතැනට කඩා වැදුණු භික්ෂුන් වහන්සේලා කිප නමක් මිය ගිය අරගලකරුවන් වෙනුවෙන් මතක වස්ත්‍ර පුඡා කිරිිිමට සැරසේද්දි පොලිසිය හරස් වි ඊට බාධා කළේය . මෙම භික්ෂු නඩය ඇතුළු ගිහිිියන් සිංහල බෞද්ධ අන්තවාදි පිරිසකි .මොහුන් මාධ්‍ය ආවරණය ලබා ගැනිම සදහා ‌කොහා මෙන් අනුන්ගේ කුඩුවේ බිත්තර දමන පිරිසක් වෙති .

පොලිසිය අරගලකරුවන් බැර කුඩා ආපන ශාලාව දෙසට තල්ලු කර ගෙන යැම නිසා රංගන ශිල්පි ‌ජේහන් අප්පුහාමි ඇතුළු අරගලකරුවන් කිපදෙනෙක් ගේ පාද වලට හානි සිදු වි ඇත.

පොලිසිය අරගලකරුවන්ව ගොල්ෆේස් මහ හෝටලය ආසන්නයට රැගෙන යැමට උත්සහ කළේ සැලසුමකට අනුවය . අරගලකරුවන් එම ස්ථානයට ගියා නම් සිදු වන්නේ පුසවේදි පබ්ලිස් සිල්වාගේ පුතා ඇතුළු සුපවේදීන් පීරිස අරගලකරුවන්ට විරෝධය පැම හරහා ගැටුමක් නිරිමාණය කිරිමය . බළලා මල්ලෙන් එළියට පැන්නේ ඔවුන් අරගලකරුවන් හමුවට පැමිණ විරෝධය පෑම නිසාය .

ජුලි 09 වෙනිදා බලය අල්ලා අත හැරීම සම්බන්ධව මිනිස් ජිවිත වලින් වන්දි නොගෙවුව ද අපි එහි ප්‍රතිවිපාක භුක්ති විදිමින් සිටිමු . වසන්ත සහ සිරිධම්ම හිමි සිරගත වන්නෙත් බලය අතහැරිම නිසාය . නැවත් ජනතාව පාරට කැදවිමට පෙර නායකත්ව පිළිබද ප්‍රශ්නය විසදා ගත යුතුය . ලෝක පරිමානව ධනපති ක්‍රමය මරණාසන්නව සිටියත් මානව වර්ගයාගේ අර්බුදය සංලක්ෂිත වි ඇති නිර්ධන පන්ති නායකත්ව අර්බුදය විසදා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *