කොහේ තියෙන ජනාධිපතිවරණද? -ජනාධිපති රනිල් කියයි

ව්‍යවස්ථානුකුලව ඊ ළග ජනාධිපතිවරණය 2024 අගෝස්තු මුල පැවැත්විය යුතු වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ජනාධිපතිවරණය කල් දැමීමට පිඹුපත් සකසමින් සිටින බවට විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති .

ජනාධිපතිවරයා පාර්ලිමේන්තවේදි සහ ඉන්පිටත සිදු කරන කතා වලින් ජනාධිපතිවරණය කල් දැමීම සමිබන්ධයෙන් ද ඉගි පල කර ඇති බවත් ඔවුන් පවසති .

කොළඹ ෂැංග්‍රිලා හෝටයේ පැවති උත්සවයකදී එක්තරා විද්‍යුත් මාධ්‍යය ආයතනයක ප්‍රදානියෙක් ඊ ළග ජනාධිපතිවරණයට ඉල්ලන්ට බලාපොරෝත්තුවක් ඇතැයි නොකියා කියද්දී ,කොහේ තියෙන ජනාධිපතිවරණ දැයි කියා වික්‍රමසිංහ ඹාධ්‍ය ප්‍රධානියාට අත්තර දෙමින් අහක බලාගෙන ඇතැයි වාර්තාවේ .

ජනාධිපති ඊ කොලමේ ජනාධිපති මැතිවරණය කල් දැමීම හැගවෙන ආකාරයේ අදහස් පල කර තිබුණි .

“මම කැට තියලා කියනවා .ජනාධිපතිවරණය කලින් තියන්නේ නැහැ .එක සරුංගලයක් පමණයි . ලබන අවුරුද්දේ ඹක්තෝම්බර් වෙන කොට ජනාධිපතිවරණය පවත්වන්න ඔිනා .සමස්ත මැතිවරණ ක්‍රියාදාමයම 20124 අගෝස්තු මුල ආරම්භ කළ යුතුයි . කිසිම ක්‍රමයකට එක කල් දමන්න බැහැ .එහෙම කළහොත් ඒක නිත්‍යානුකුල භාවයෙන් තොර ආණ්ඩුවක්. ඒ වැනි ආණ්ඩුවක් සමග විදේශ ආණ්ඩු වලට හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හෝ ලෝක බැංකුවට කිසිම ගනුදෙනුවක් කරන්න බැරි බව” නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. එල් පිරිස් මාධ්‍ය හමුවක් පවත්වා පවසා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *