කොළඹ අපරාධ කොට්ඨාශය පැහැර ගත් දිනේෂ්ට අයිස් ග්‍රෑම් 21 ක් දමයි

කොළඹ විශේෂ අපරාධ කොට්ඨාශයක් මගින් හලාවත දී පැහැර ගත් ජයකොඩි ආරච්චිගේ දොන් දිනේෂ්ට එම අපරාධ කොට්ඨාශය මගින් අයිස් ග්‍රෑම් 21 ක් අතින් දමා හෙට (04) කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න යන බව ඔහුගේ බිරිද වන කුමුදුනී කුමාරි ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය .

දිනේෂ්ව හලාවත දි පැහැරගෙන ඇත්තේ කිරුළපන පොල්හෙන්ගොඩ බුටානි ‌ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති විශේෂ අපරාධ කොට්ඨාශය මගින්ය ‍.

සර්ලා අයිස් ග්‍රෑම්21 ක් අතින් දැමු බවත් හෙට උසාවිට ඉදිරිපත් කරන්නට යන බව දිනේෂ්ව ඔහු බැලිම සදහා බුටානි ගොඩනැගිල්ලට ගිය කුමුදුනිට පැවසු බව කී ඇය දිනේෂ්ගේ මුහුණේ පැත්තක් ඉදිමි තිබු බවත් පැවසුවාය .

දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදාවේ දහවෙනි ගජබා රේජිමේන්තුවට අනුයුක්තව සේවය කොට ඇති අතර යුද්ධය සමයේ තුවාල තුවාල ලබා ඇත. පසුව ඔහුව විශ්‍රාම ගැන්වීම සදහා වෛද්‍ය කම්ටුව යොමු කර තිබිණ .

දිනේෂ් හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තිදරු පියෙකි . ඔහු හමුදා සේවයෙන් පසු පොල් බිස්නස් කර ඇත.

දෙමටගොඩ අපරාධ විශේෂ කොට්ඨාඨාශ මගින් දිනේෂ් වෙනුවට ඔහුගේ බිරිද වන කුමුදුනී කුමාරිව සුරියවැව නිවසේ දී අත්අඩංගුවට ගෙන දින පහක් ‌එම අපරාධ කොට්ඨාශයේ රදවා තබාගෙන ප්‍රශ්න කර පසුව මුදාහැර ඇත.

දිනේෂ් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිද වන කුමුදුනී කුමාරී ශ්‍රී මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලක් ද දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *