ගාලුමුවදොර අරගලයට අවුරුද්දයි , ප්‍රති ත්‍රස්ත පනත අහෝසී කරන්නැයි ඉල්ලති

ගාලුමුවදොර අරගලයට ( අප්‍රේල් 09 ) අවුරුද්දක් පිරිම නිමිත්තෙන් අද (09) දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ දියත අරගලකරුවන් විසිනි .

ආණ්ඩුව ගෙන එම සදහා කැසකවන ප්‍රති ත්‍රස්ත පනත ,ඇතුළු මරදන අණ පනත් අහෝසී කරන ලෙසත් , ජනතාවට සහන සලසන ලෙසත් සහ විදුලි බිල ගෙවන්න බැහැ , ගෙවන්න එපා යැයි සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන ,සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *