ගිරුවාපත්තුවේ ළමුන් ගෙන් 80%කට මන්දපෝෂණය

80% of children in Giruwapattu are malnourished

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරුයවැව ඇතුළු ප්‍රදේශ රැසක ළමුන් ගෙන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තී සන්ධානයේ සභාපති හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී.ජී.චමල් සංජිව පවසයි.

මන්දපෝෂණයට එරෙහිව දැඩි පියවර ගත යුතු බවත් එසේ නොවුනහොත් දරු පරපුර එහි ගොදුරක් බවට පත් විමට බව වෛද්‍ය සංජීව පෙන්වාදුන්නේය.

මෙම තොරතුරු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සුරියවැව,වල්සපුගල,කොස්වගාව සහ ගම්මාන වල ජිවත් වන ජනතාවගේ නිවෙස් වලට ගොස් සිදු කළ සමික්ෂණයකින් අනාවරණය කර ගෙන තිබේ.

දරුවන් ගේ සෞඛ්‍ය තත්වය හා පෝෂණ තත්වය ගැන කරුණු රැසක් අනාවරණය කර ගන්න පුළුවන් වුණා.

මන්දපෝෂණ තත්වයට දරුවන් ගොදුරු වි ඇත්තේ ,ගෙවුණු මාස හයක පමන කාලයක සිටය.

එහිදී දෙම්ව්පියන් අපි සමඟ පැවැසුවේ සතියකට දවස් දෙකාක් වගේ තමයි කුලියක් ලැබෙන්නේ .

කුලියක් කරලා ලැබෙන මුදලින් වතුරු බිල්, ලයිට් බිල්, ගෙව්වාට පස්සේ, සහල් පොල් ගන්නවත් මුදල් නැහැ, මාලු මස්, බිත්තර කන්නේ කොහොමද ?

මාලු ,මස් කැල්ලක් මසයකින් අපේ දරුවෝ දැකලා නැහැ .ඉතා අමාරුවෙන් බඩවියත රැක ගන්නා බව ගම්මු පැවැසු බව වෛද්‍ය සංජිව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *