ගුරුමාරු මණ්ඩල නිර්දේශ අත්හිටුවීමට එරෙහිව ගුරු සංගම් පාරට බසියි

ජාතික පාසැල් ගුරුමාරු නිර්දේශ අත්හිටුවා , එය අත්තනෝමතිකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෑනීමට එරෙහිව ගුරු – විදුහල්පති එකාබද්ධ සන්ධානය මගින් අද (22) උදේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

ලංකා ගුරු සංගමය , ලංකා ගුරුසේවා සංගමය , පුහුනු ගුරු විද්‍යාපිඨ උපාධිධාරී ගුරු සංවිධානය ඇතුළු ගුරු සංගම් සන්ධානය මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය තිබුණි .

මෙම විරෝධතා උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු ගුරු නායකයින් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ද සහභාගි වි සිටියහ .

වසංගතයත් ආර්ථික අර්බුදයත් හමුවේ අවුරුදු 03 කට ආසන්න කාලයක් ගුරුමාරු මණ්ඩල ක්‍රියාත්මක නොවුන බවත් ගුරුමාරු සදහා ඉල්ලු් කළ ගුරුවරු 12.700 න් 8400 කට නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තිබුණේ මාර්තු 24 බවත් පසුගිය සිකුරාද්‍ර (17 ) ජනාධිපති වික්‍රමසිංහ මාරු මණ්ඩල නිර්දේශ අත්හිටුවා , එය ඔහු යටතට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ලංතා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි .

ජනාධිපතිවරයා ගුරුමාරු මණ්ඩල නිර්දේශ අත්හිටුවා එය ඔහු යටතට ‌ගෙන ඇත්තේ , අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් නොකර බවත් ජනාධිපතිවරයා අත්තනොමතිකව ගුරුමාරු නිර්දේශ අත්හිටුවා එය ඔහු යටතට ගෙන ඇත්තේ , කොළඹ රාජකීය විදයාලය ඇතුළු පාසැල් 12ක අවශ්‍යතාවය මත බව ස්ටාලින් වැඩිදුරටත් පැවැසීය .

ජනාධිපති වික්‍රමසිංහ ගුරුමාරු මණ්ඩල නිර්දේශ අත්හිටුවීමට එරෙහිව ගුරු සංගම් පැවැත් වු උද්ඝෝෂණයට විරෝධය පා ආණ්ඩුව මගින් මෙහෙවන පිරිසක් උද්ඝෝෂණයේ නිරත වුහ . එම පිරිස කොලොන්නාව සහ මීතොටමුල්ල ප්‍රදේශයෙන් රැගෙන ආ පැල්පත්වාසීන් පිරිසකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *