ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගත් රන්දිමාල්ව ඇප මත මුදා හරි

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරියෙකු වු රන්දිිිිිමාල් ගමගේ මර්දනයත් සමග රටින් පිටව ගොස් නැවත ලංකා පැමිණේද්දි ,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (05) කොළඹ අලුත් කඩෙි මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින්නැයි නියෝග කර ඇත.

රන්දිමාල්ව මුදාහැර ඇත්තේ ලක්ෂ දෙක බැගින් ශරීර ඇප ‌දෙකාක් මතය .ඔහු ලංකාවට පැමිණ ඇත්තේ ඩුබායි සිටය .

ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් රන්මාල්ව අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇත්තේ රටින් පිටවිම තහනම් කර තිබුන ද රටට ඇතුල් විමට තහනම් කර නැතැයි කියාය . පසුව ඔහුව කටුනායක ගුවන්තොටුපල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ කුරුදුවත්ත පොලිසියට බාර දී ඇත.

රන්දිමාල්ට එරෙහිව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුල් වි දේපල වලට හානි කිරිම , ‌ගෝඨාභයගේ උපන් දින දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වන ගේට්ටු අල්ලා ගැනීම සහ ජුලි 13 වෙනිදා රූපවාහින සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වුවා යැයි නඩු තුනක් පොලිසිය මගින් ගොනු කර ඇත.

රන්දිමාල් ගාලුමුවදොර නියෝජනය කළේ ගේට් සීරෝ කණඩායමයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *