ගොල්ෆේස් අරගලය විප්ලවයක් නොව බහු පාන්තික අරගලයක් -කුමාර් ගුනරත්නම්

අරගලය ජයග්‍රහණය කරන්න බැරි වුණා , ගාලුමුවදොර අරගලය මහජන අරගලයක් මිස විප්ලයක් නොවෙයි. අපි ගාලුමුවදොර අරගලය විප්ලයක් කියන්නේ නැත්තේ , ඒක බහු පන්තික අරගලයක් නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් පවසයි .

මහජන අරගලයට අරමුණක් තිබුණා . නමුත් ජයග්‍රහණය කරන්න බැරි වුණා එක එහෙම වුණේ ඇයි දැයි ප්‍රශ්න කළ ගුනරත්නම් සංවිධානයක් තිබුණේ නැහැ. සංවිධානයක් නැතිව බලය ගැන කතා කරලා වැඩක් නැතැයි අවධාරණය කළේය.

මහජනයා ආවා ගියා .අරගලයට සීමාවන් තියෙනවා . සීමාවන් බිදින්න ඔිනා .ගාලුමුවදොර අරගලය කියන්නේ බහු පාන්තික අරගලයක් ,ගෝඨාභය එළවන්න ධනකුවේරයොත් ආ බව ඔහු පැවසීය .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ඒසේ පැවැසුවේ ඊයේ (18) කොළඹ මහවැලි කෙන්ද්‍රයේ දී එම පක්ෂය විසින් සම්ප්‍රාදනය කරන ලද “මන්දිර කැළඹු අරගලය” නම් කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින්ය .

වැඩකරන ජනතාවට මෙන්ම පිඩිත මහජනයාට පක්ෂපාති පොතක් මෙන්ම අරගලයට පක්ෂපාති පොතක් බව කී ප්‍රධාන ලේකම්වරයා අපි අරගලයට ආවා වගේම පක්ෂ ,සංවිධාන , පුද්ගල කණ්ඩායම් සහ තනි පුද්ගලයන් ඇතුළු සියලුම දෙනා එකතු කර ගත් අරගලයක් කියන එක අමතක නොකළ යුතු බව පැවසීය .

අපට පාසැල් වලදී සහ විශ්ව විද්‍යාල වල දී ඉගැන්නුයේ අර්බුදය වළක්වන්න නොවෙයි , අරබුදයේ දී කටයූතු කරන ආකාරයයි . අර්බුදය කියන්නේ ධනවාදයේ නිසග තත්වයක් .මේ සමාජය සාධාරණ නැහැ .අසාධාරණ සමාජයක් . ඇති නැති පරතරය වර්ධනය වු සමාජයක් . අපට අලුත් සමාජයක් අවශ්‍යයයි . ඒ සදහා නායකත්වයක් අවශ්‍ය බව ගුනරත්නම් වැඩිදුරටත් පැවසීය .

පේරාදෙනි විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය කල්ප රාජපක්ෂ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචායර් සුමිත් චාමින්ද පොත පිළිබදව අදහස් දැක්වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *