LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගෝඨාභය රාජපක්ෂව සිංහාසනයේ තැබු අයත් මුළු රටම කියන්නෙත් රාජපක්ෂලා පන්නමු කියලා .

ජනතාව අනේකවිධ පිඩා විඳමින් සිටින බවත් ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්රශ්න සම්බන්ධයෙන් සංවේදී නැති බවත් ජනතාව තමන් ගේ විසදාගැනීම සදහා පාරට බහින කොටා අණ්ඩුව බිල්ලෝ මවා ජනතාව මර්දනය කරන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි .
 
සිල්වා මහතා එසේ පැවැසුවේ ආණ්ඩුව ජනතාව පාරට එම වැලැක්වීම සදහා ඇදිරි නීතිය පැන්විමට එරෙහිව බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්ය හමුවේදිය . සිල්වා මහතා වැඩිදුරත් මෙසේ පැවසීය . ඉතිහාසයේ මෙතෙක් නොවිඳපු පීඩාවක් ජනතාව මාස කීපයක් තිස්සේ විඳිමින් ඉන්නවා. පෝලිම් නිසා, භාණ්ඩ හිඟවීම, ඉන්ධන නැතිවීම, විදුලිය කප්පාදුව, වගේ අනේකවිධ පීඩා ජනතාව විඳිමින් ඉන්නවා. ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මේ කිසිම ප්රශ්නයක් සම්බන්ධයෙන් කිසිම සංවේදීකමක් නැහැ. මේ නිසා තමන්ගේ වේදනාවට එරෙහිව ජනතාව විරෝධය දක්වනවා. ඒ ජනතාවට අස්වැසිල්ලක් ලබාදෙනවා වෙනුවට බිල්ලෝ මවන්නත්, විරෝධතා මර්දනය කරන්නත් පටන්ගෙන තිබෙනවා.
 
ජනතාව මිරිහාන ප්රදේශයට ඇවිත් සාමකාමී උද්ඝෝෂණයක් පසුගියදා පැවැත්වූවා. අවසානයේ ආණ්ඩුව මාධ්යවේදීන්ටත් පහර දීලා, කැමරා කුඩු කරලා, ජනතාව තෝර තෝරා මර්දනයක් දියත් කළා. විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න උත්සාහ කර, බැරිවුණාම පොදු දේපළ පනත යටතේ බන්ධනාගාර ගත කරන්න උත්සාහ කළා. නමුත් අධිකරණයට ඉදිරිපත් කළ අය සම්බන්ධයෙන් ඇප ලබාදුන්නා. පහර කෑමට ලක්වී රෝහල් ගතකර ඉන්න අය තවමත් උසාවියට ඉදිරිපත් කර නැහැ. අධිකරණයට ඉදිරිපත් වීමට නොහැකි මට්ටමට තුවාල සිදුවූ අය මේ ඉන්නේ. තමන්ගේ දුක කියන්න පැමිණි පොදු ජනතාවට ආණ්ඩුව එල්ල කළ ප්රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. දරුවොත් වඩාගෙන, ඉටිපන්දම් පත්තු කරගෙන ආව ජනතාවක් එතන හිටියේ.
 
උද්ඝෝෂණය ඇතිවීමට අදාල ප්රශ්නවලට උත්තර දෙනවා වෙනුවට පහරදීම, පිළිකුල් සහගත කටයුත්තක්. මේ පහරදීම අවසාන එක කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ සෙල්ලම මීට පස්සේ කරන්න ලැහැස්ති වෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න වෙනවා කියන එක ඉතාම පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව සිංහාසනයේ තිබ්බ අයත්, මුළු රටත් දැන් කියන්නේ ගෙදර යන්න ලැහැස්ති වෙන්න කියලා. මර්දන නීතිවලින් මේ ප්රශ්න විසඳන්න බැහැ. ආණ්ඩුව එක්කෝ ප්රශ්න විසඳන්න ඕනෑ. නැත්නම් නම්බුකාර පිටින් බැහැලා යන්න ඕනෑ. තවමත් අධිකරණයට ඉදිරිපත් නොකළ අය වහාම අධිකරණයට ඉදිරිපත් කර, නිදහස් කරන්න ඕනෑ. මිනිස්සුත් එක්ක, මිනිසුන්ගේ බඩගින්නත් එක්ක ආණ්ඩුවකට සෙල්ලම් කරන්න බැහැ.
 
මේ හැමදෙනාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි කියන බලපෑම අපි කරනවා. ආණ්ඩුව පළවෙනිදා මධ්යම රාත්රීයේ සිට හදිසි නීතිය පනවා තිබෙනවා. මේ කියන අර්බුදය හදිසි නීතිය පනවලා විසඳන්න බැහැ. හදිසි නීතිය පැනවූවාම වරායට පිටින් නවත්වා තිබෙන තෙල් නැවේ තෙල් ගොඩබාන්න පුළුවන්ද? ඩොලර් ටික සැපයෙනවාද? හදිසි නීතියෙන් ජෙනරේටර් වැඩිකරලා විදුලිය ලැබෙනවාද? ගෑස් ටික ලැබෙනවාද? හදිසි නීතියෙන් ජනතාවගේ කිසිම ප්රශ්නයක් විසඳන්න බැහැ. ප්රශ්න විසඳන්න බැරි ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මොට කරන්න හදිසි නීතිය ගේන්නේ. හදිසි නීතිය පැනවීම ඇතුළු ආණ්ඩුවේ ක්රියාමාර්ගවලට බය වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ඒගොල්ලන්ගේ කාලය ඉවරයි.
 
නීති රිති දාලා ජනතාවගේ වේදනාව යටපත් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ ඕනෑම තත්වයක් තුළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ජන බලවේගය පෙනී සිටිනවා. අත්අඩංගුවට ගත් කණ්ඩායම් අධිකරණයට ගේන අවස්ථාවේ පොලිසියේ සහ අධිකරණයේ නීතිඥවරුන්ගෙන් පිරිලා තිබුණා. අපේ රටේ ඉතිහාසයේ ඒ තරම් ප්රමාණයක් එක් නිමිත්තක් වෙනුවෙන් සහභාගීවූ පළවෙනි අවස්ථාව. මුළු නීති ක්ෂේත්රයේම ඉන්නේ ජනතාවත් එක්ක. සමස්ත ජනතාවක් ආණ්ඩු විරෝධයක ඉන්න වෙලාවක ඒක මර්දනය කරන්න බැහැ. ආණ්ඩුව තව පැත්තකින් බොරදියේ මාළු අල්ලන්නත් සූදානම් වෙනවා. මේ විරෝධතා මර්දනය කිරීම සාධාරණීකරණය කරන්න අන්තවාදී කණ්ඩායම් ගැන ප්රචාරය කරනවා. විරෝධතාවලට අන්තවාදීන් එක්වුනා නම් ඒකට වගකියන්න ඕනෑ ආණ්ඩුව. ආණ්ඩුවේ අරමුණු වෙනුවෙන් කුඩා කණ්ඩායමක් මැදිහත්වී වැඩ කළ බවට ප්රදේශවාසීන් අතර විශාල සාකච්ඡාවක් තිබෙනවා. සාමාන්ය ජනතාව දරුවෝ වඩාගෙන ගිහින් බස් ගිනි තියන්නේ නැහැ. නමුත් එවැනි සිද්ධියක් නිර්මාණය කර, දේශපාලන පක්ෂවලට චෝදනා එල්ල කරමින්, විරෝධතා කඩා කප්පල් කරන්න ආණ්ඩුවට ඕනෑකමක් තිබෙනවා.
 
එක පුද්ගලයෙක් මැදිහත්වී බස් රථය ගිනි තියන වෙලාවේ පොලිසිය බලාගෙන හිටියා. පොලිසියට ඕනෑ නම් ඒ වැඩේ නවත්වන්න තිබුණා. නමුත් එය නොකළේ ඇයි. ඒ වගේම දැන් අත්අඩංගුවට ගෙන ඉන්න අය අතර, බස් එක ගිනිතියපු කෙනා ඉන්නවාද කියලා අපි අහනවා. ඒ පුද්ගලයාට යන්න ඇරලා සාමකාමී උද්ඝෝෂණයට සහභාගීවූ මහජනතාවටත් මාධ්යවේදීන්ටත් පහර දුන්නා. මාධ්යවේදීන් යුධ බිම්වල පවා වාර්තා කරන්න යනවා. මෙතනදී මාධ්යවේදීන්ටත් ගහලා කැමරා කුඩු කරනවා කියන්නේ අවසන් මොහොතේ සිදුවන දේවල් වාර්තා නොවී හංගන්න ආණ්ඩුවට අවශ්ය වුණා. මේ හැම එකෙන්ම පේන්නේ ආණ්ඩුවේ කිසියම් පිරිසක් මැදිහත් වුණු කුමන්ත්රණකාරී සිදුවීමක් තිබුණු බවයි.
 
ඒක ඉතා ප්රබල සැකයක්. පොදු ජනතාව ආණ්ඩුවේ මේ උපක්රම තේරුම් අරගෙන කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම සාධාරණ උද්ඝෝණයකට සහභාගී වෙනවා. ජාතික ජන බලවේගයත් එහෙමයි. නායකත්වය ගන්න පුළුවන් හැම උද්ඝෝෂණයකම නායකත්වය ගන්නවා. දායකත්වය දිය හැකි තැන්වලට දායකත්වය දෙනවා. මැදිහත් විය හැකි තැන්වලට මැදිහත්වීම් කරනවා. මේක අපි කාගේත් සටනක්. පොදු ජන සටනක්. ඒ තැනක ජනතා විමුක්ති පෙරමුණේ හරි, ජාතික ජන බලවේගයේ හරි කට්ටිය හිටියා කියලා ඒ මුහුණු පෙන්වලා ආණ්ඩුවේ කුමන්ත්රණ යට ගහගන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි අවධාරණය කරනවා. මේ සිද්ධිය නිර්මාණය කිරීම පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියන එක මේ ප්රචාරයන්ගෙන්ම පේනවා. ආණ්ඩුවේ මේ කුමන්ත්රණ සිදුකළ කාලය දැන් ඉවරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter