ගෝඨා ගෝ ගමට ගොස් පැමිණේද්දි පළා ගිය සිරකරුවන්ට බා‍රවෙන්නැයි ආයාචනයක්.

පසුගිය 09 වනදා කොළඹට සිට වටරැක බන්ධනාගාරයට සිරකරුවන් (181) රැගෙන යමින් තිබු බස් රථයකට පහාර දිම නිසා එහි ගමන් කළ සිරකරුවන් 58 දෙනෙක් ජිවිතාරක්ෂාව සඳහා පලා ගොස් ඇති අතර එම සිරකරුවන්ට බාර වෙන්නැයි දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි .

මෙම බන්ධනාගාර බස් රථයට නොසන්සුන්කාරී වු ජනතාව පහාර දී ඇත්තේ තලංගම ප්‍රදේශයේදීය .

මෙම සිරකරුවන් 58 දෙනා අතරින් සිරකරුවන් 32ක් වටරැකට පැමිණ බාර වි ඇති අතර තවත් සිරකරුවන් 26ක් බාර ව් නැත.

ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට පහාර දී පැමිණේන පිරිසක් යැයි ලැබුණු තොරතුරක් මත , ජනතාව මඟ රැක සිට එම බස් රථයට පහාර දි තිබේ .
මෙම සිරකරුවන් එදින කොළඹ රැගෙන ගොස් ඇත්තේ වැඩ සටහන් පදනම මත වැඩබිම් වලට බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ .

අරලිය ගහ මැදුරට ඔවුන්ව රැගෙන ගිය බව ජනතාව සිරකරුවන් ගෙන් ප්‍රශ්න කරද්දී පවසා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *