ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පැරදවිමට කොළඹ ආ අන්තරයට කදුළු ගැස් සහා ජල ප්‍රහාර

ගෝඨා – රනිල් කුමන්ත්‍රණය පරදවිමට අද (19) කොළඹට පාගමින් ආ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය

කොළඹ නෙළුම් පොකුණ අසලින් අද (20) දහවල් 01ට ආරම්භ කළ පෙළපාලිය ටටුන් හොල් හරහා ඩින්ස් පාර ඔස්සේ මරදානට වැටි කොටුව ජනාධිපති මැදුර ඉදිරිපිටට පැමිණියේය .

අන්තරයේ සිසුන් කොළඹ ලෝක වෙළඳ ( Wrold Trade Canter)පොල පිවීසුම අවහිර කරමින් ඉදිකර තිබු මාර්ග බාධකය කඩාගෙන ඉදිරියට යෑමට උත්සහා කළ අවසථාවේ පොලිසිය සිසුන් වැළැක්විම සඳහා ජල සහ කදුළු ප්‍රහාරයක් එල්ල කළේය.

පොලිසිය සිසුන්ට කදුළු ගෑස් සහා ජල ප්‍රහාර එල්ල කර සිසුන් පලවා හැරීමට උත්සහා කළ ද සිසුන් පොලිසිය සමඟ පොරබැදුහ.

ඡායාරූපකරණය ශාන්ත විජේසූරියා

3 thoughts on “ගෝඨා – රනිල් කුමන්ත්‍රණය පැරදවිමට කොළඹ ආ අන්තරයට කදුළු ගැස් සහා ජල ප්‍රහාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *