ගෝල්ෆේස් අරගලයට වසරයි !සමාජවාදී තරුණ සංගමය ජනතා නැගිටීම සමරයි !

ගාලුමුවදොර ජනතා නැගීටීමට වසරයි ,ජනතාවාදී ජයග්‍රහනය තෙක් ජන සටන පෙරටයන මැයෙන් ජනතා අරගලය සැමරීම සදහා විරෝධතා උද්ඝෝෂණයක් අද (09) සවස බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරමේ දී පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ,සමාජවාදී තරුණ සංගමය විසිනි.

සැලකිය යුතු පිරිසක් එම විරෝධතා උද්ඝෝෂණය සහභාගි වී සිටියහ .

බලලෝභී පාලනය පරදවමු ,ජනතාවාදී පාලනයකට පෙළගැසෙමු , ජනතාවගේ ETF අරමුදලට අත නොතබනු සහ රටේ සම්පත් විකුණන් කන අසමත් පාලනය පරදවමු යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් උද්ඝෝෂකයෝ සටන් පාඨ කියමින් විරෝධතාවේ නියැලුණහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *