චේගේ පුතා මිය යයි

Camilo Guevara, son of Cuba’s rebel hero Che Guevara, dies

විප්ලවවාදි නායකයෙකු වන අර්නස්ටෝ චේ ගුවේරාගේ පුතා වන 60 හැවිරිදි කැමිලෝ ගුවේරා මාර්ච් පසුගිය 30දා කියුබාවේ අගනුවර වන කැරකස් හිදී අභාවප්‍රාප්ත වී තිබේ.

බොලිවියාවේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කරන විට ඔහුට වයස අවුරුදු පහකි.

කැමිලෝ ගුවේරා මාර්ච් යනු චේ ගුවේරා යන මානව හිතවාදියාගේ සහ දෙවන බිරිඳ වන ඇලෙයිඩා මාර්ච්ගේ දරුවන් හතර දෙනාගෙන් තෙවැන්නා විය.

කැමිලෝ ගුවේරා සිය වෘත්තීය ජීවිතය මු‍‍ලු මුනින්ම පාහේ කැපකර ඇත්තේ තම පියාගේ ජීවිතය ලේඛනගත කිරීම සඳහා වන අතර තම පියාගේ රූපය අලෙවිකරණ අරමුණු සඳහා භාවිතා කිරීම සඳහා ද ඔහු දැඩි ලෙස විරුද්ධ වූවෙකි.

මේ අතර කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් ට්විටර් පණිවුඩයක් මගින් ඔහුට උපහාර පුදකරමින් කියා සිටියේ, “ගැඹුරු ශෝකයෙන් යුතුව, චේගේ ප්‍රතා සහ ඔහුගේ අදහස් ප්‍රවර්ධකයා වන කැමිලෝගෙන් අපි සමුගනිමු” යනුවෙනි.

ඔහු “චේගුවේරා ඉගෙනුම් මධ්‍යස්ථානය” නමින් සංවිධානයක්ද පවත්වාගෙන ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *