ජනතා ප්‍රශ්නවලට විසදුම් නැති ආණ්ඩුව විරෝධතාකරුවන්ට පහර දෙයි

කොළඹ ක්‍රියාකාරී කමිටුව සැප්තැම්බර් 24 දින සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාර හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුව පවසයි.

දහසකට අධික පොලිස් සේනාවක් විරෝධතාව මැඩ පැවැත් වීම සදහා යොදවා තිබුණු අතර ඒම සේනාංකය කාන්තාවන් ඇතුළු නිරායුධ උද්ඝෝෂකයන්ට බිම පෙරලාගෙන පහර දෙනයුරු විද්‍යුත් මාධ්‍ය මගින් දැකගත හැකි විය.

කෙළඹ ලිප්ටන් වටරවුමේ සිට මරදාන හරහා පිට කොටුව දෙසට ගමන් කළ උද්ඝෝෂකයන්ට කදුළුගෑස් සහ ජල හා බැටන් ප්‍රහාර එල්ල කල පොලිසිය 85 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ය.

පසු දින ඔවුහු ඇප මත මුදා හරිනු ලැබුව ද නීති විරෝධිව ක්‍රියා කළේ යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.

ආණ්ඩුව මහජනයාගේ කිසිදු ප්‍රශ්නයක් විසදීමට අසමත් බව මේ සිද්ධීන් මගින් නැවත නැවතත් ප්‍රදර්ශනය කර ඇත.

අලුතින්ම ඉදිරියට දමන නීති යටතේ රැස්වීම, පෙලපාලි හා මොනම ඉදිකිරීමක් වුව පොලිස් අවසරයකින් තොරව කළ නො හැකිය.

මේ නීති අහෝසි කිරීමට ද අතඅඩංගුවට ගත් සියලු දෙනාට එරෙහි චෝදනා කොන්දේසි විරහිතව ඉවත් කරගත යුතු බව ද අපි කියමු.

සමාජවාදී තරුණ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයකි.

ජවිපෙ යනු කම්කරු විරෝධී ධනපති පාර්ලිමේන්තුවාදී පක්ෂයකි.

එසේ තිබියදීත් ආණ්ඩුව මෙසේ ක්‍රියා කිරීම කම්කරුවන්ට හා පීඩිතයන්ට මඟ හැරිය නො හැකි අභියෝගයකි.

ආණ්ඩුවක් දකුණට එල්ල කරන ප්‍රහාරය ප්‍රජාතන්තාදය පිළිබද කිසිවක් එයට ඉවසිය නො හැකි බව නිවේදනය කිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම මෙවැනි ප්‍රහාර පරාජයට පත් කිරීමෙන් පරිබාහිරව කළ නො හැකි ය.

ආණ්ඩුව මහජනයාට ඒරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී නිති පනවා ඒ්වා කඩ නො කරනුයි ජනතාවට කිය යි.

මෙය අවධානයට ගතයුතු කරුණකි.

කොළඹ ක්‍රියාකාරී කමිටුව ආණ්ඩුවේ ආඥාදායක සැලසුම් පරාජය කිරීමට කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු රට පුරා ගොඩ නගන මෙන් සියළු ප්‍රගතිශීලී ජනයාගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳන් කර ඇත .

ලේකම් – කොළඹ ක්‍රියාකාරී කමිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *